Saturday, October 24, 2026
HomeNEWSLatest News19 අහෝසි කරනවා කියන්නේ ව්‍යවස්ථා සභාවේ බලය කථානායකගෙන් ජනාධිපතිගේ අතට දීමයි. -...

19 අහෝසි කරනවා කියන්නේ ව්‍යවස්ථා සභාවේ බලය කථානායකගෙන් ජනාධිපතිගේ අතට දීමයි. – හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

19 අහෝසි කරනවා කියන්නේ ව්‍යවස්ථා සභාවේ බලය කථානායකගෙන් ජනාධිපතිගේ අතට දීමයි. සරත් වීරසේකරට පළාත් සභා දීලා, මහින්දානන්ද ව්‍යවස්ථා සභාවට දාලා හදන විමානේ ප්‍රජතන්ත්‍රවාදයේ දෙවියන්ට නම් වෙන්න බෑ.

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති අතේ තිබුණු ඒකාධිපති බලය, ව්‍යවස්ථා සභාව හරහා පාර්ලිමේන්තුවට ලැබීනා. රජයේ තොරතුරු දැනගැනීම සඳහා ජනතාවට අවස්ථාව සැලසුණා. 19 අහෝසි කරනවා කියන්නේ, නැවත ඒකාධිපති විධායකයක් බිහිවීමයි, තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය අහෝසිවීම යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

රටේ ඉහළම තනතුරු සඳහා පත් කරන්න පාර්ලිමේන්තුවේ අගමැති, විපක්ෂ නායක, කථානායක, පක්ෂ නියෝජිතයින් විතරක් නෙවෙයි පුරවැසියන්ගෙන් ද සමන්විත ව්‍යවස්ථා සභාවකින්. පෙරේතයාගේ හැටියට තමයි විමානේ හැදෙන්නේ, කියනවා වගේ ජනාධිපතිතුමා මහින්දානන්ද අළුත්ගමගේ ව්‍යවස්ථා සභාවට පත්කරලා තියෙනවා. පලාත් සභා අහෝසි කරන්නට ගැටපොළු විදපු සරත් වීරසේකර පළාත් සභා ඇමති විදිහට පත් කරලා, පෙරේත විමානෙට මුල්ගල් තිබ්බා. දැන් ගේ හැදෙන හැටි බලාගන්න පුළුවන් යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය. සරත් වීරසේකරට පළාත් සභා දීලා, මහින්දාන්නද ඇමතිතුමා ව්‍යවස්ථා සභාවට දාලා ප්‍රජාතන්ත්‍රවාදයේ, බලය බෙදීමේ දේව විමානේ හදන්නේ නැති බව අප තේරුම් ගත යුතුයි.

19 ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙන්නේ ද්විත්ව පුරවැසිකමේ ප්‍රශ්න විසඳා ගැනීමයි, පාර්ලිමේන්තුවට තියෙන බලය ජනාධිපති අතට ගැනීමයි විතරයි. 19 අහෝසි වෙනවා කියන්නේ තොරතුරු දැනගැනීමේ පනතේ බලපෑම සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා කියන එක. ඒක, ජනමාධ්‍යයට, පුරවැසියන්ට විතරක් නොවෙයි රටට රාජ්‍යකරණයේ විනිවිද භාවයට සෘජුවම බලපානවා.

තොරතුරු පනත ගැන උදම් අනපු, වැඩමුළු තිබ්බ අය පවා, තොරතුරු පනතින් තොරතුරු ගත් අය පවා මේ ගැන කථා කරන්නේ නෑ. රටක රාජ්‍ය යේ කටයුතු ජනතාවගෙන් වසන් කරනවා කියන්නේ දුෂණයට මග පෑදීමේ ආරම්භය යි.
තෙන්නකෝන් මහතා මේ බව පැවසූවේ කොළඹ පැවති වැඩමුළුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img