Sunday, May 3, 2026
HomeNEWSLatest Newsඅග්‍රාමාත්‍යතුමාගේ උපදෙස්මත කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය වෙයි

අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස්මත කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය වෙයි

අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස්මත කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය වෙයි

කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කර අවසන් කිරීම දැනුම් දීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ නියෝජිතයෝ 2020.08.31 දින පැමිණ අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂ මැතිතුමා  හමු වූහ.

නව මානයකින් ලෝකයට නිරාවරණය වීමේ ක්‍රමෝපායක් යටතේ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස්මත ආරම්භ විය.

ඒ අනුව සැප්තැම්බර්  17 දින සිට කොටස් වෙළඳපොළෙහි සියලු  කටයුතු ඩිජිටල්කරණය වීමට නියමිතය.

සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ සභාපති විරාජ් දයාරත්න මහතා හා අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා අග්‍රාමාත්‍යතුමා මුණගැසී ප්‍රකාශ කර සිටියේ කොවිඩ්-19 හේතුවෙන් දින 52ක් කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු අඩපණ වුවද, සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණ වූ කොටස් වෙළඳපොළ ක්‍රියාවලිය නව මුහුණුවරකින් ලොවට පියනැඟීමක් බවයි.

එහිදී ලෝකය සමඟ ගණු දෙනු කිරීමේදී මෙන්ම රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයන් සමඟින් සුවපහසු මෙන්ම කාර්යක්ෂම සේවයක් කොළඹ කොටස් වෙළඳපොළ තුළින් ලබාදීම ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණ බව ද කියා සිටියේය.

මෙම අවස්ථාවට එක්වූ සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ සභාපති විරාජ් දයාරත්න සහ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහත්වරු එදිනට නියමිත ආරාධනා පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට භාර දුන්හ.

රොහාන් වැලිවිට,

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බැංකුවක වංචාවක් ගැන සඳහන් කරමින් රවීගෙන් ජනපතිට ලිපියක්

NDB බැංකු වංචාව, අතපසුවීම් සහ මූල්‍ය අධීක්ෂණයේ පද්ධතිමය දුර්වලතා පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් කරුණු 05...

ත්‍රී රෝද රථවල ගාස්තුවල වැඩිවීමක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන...

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img