Wednesday, June 3, 2026
HomeNEWSLatest News2030 රටේ සමස්ත විදුලිය ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ....

2030 රටේ සමස්ත විදුලිය ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ….

2030 රටේ සමස්ත විදුලිය ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ….

වසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කළයුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.

දේශගුණික විපර්යාසය නිසා ගල් අඟුරු සහ ඛනිජ තෙල් වැනි ෆොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වෙමින් සිටී.

මෙරට විදුලි ඉල්ලුමේ වාර්ෂික වැඩිවීම 6% කි. සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමත් සමග බලශක්ති ඉල්ලුම සීග්‍රයෙන් ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇත.

අනාගත පරපුරට ප්‍රතිඵල භුක්ති විදීමට හැකි තිරසර සංවර්ධනයකට මග පාදනු පිණිස හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

ව්‍යාපෘතියකට අනුමැතිය දීමේ බලය ඇති ආයතන ශක්‍යතා වාර්තා සකස් කර   තබාගත යුතු අතර, අනුමැතිය කඩිනමින් ප්‍රදානය කළයුතුයයි ජනාධිපතිතුමා අවධාරණය කළේය. යම් ව්‍යාපෘතියකට අනුමැතිය ඉල්ලූ විට දින 14කදි ඊට පිළිතුරක් නොදුනහොත් එය අනුමත වූවක් ලෙස සැලකීම උචිත බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට රජය ඉහළ ප්‍රමුඛත්වයක් දී තිබේ. ඊට අවශ්‍ය සහය දෙන ලෙස සියලු ආයතන වෙත චක්‍ර ලේඛයක් නිකුත් කරන්නැයි ජනාධිපතිතුමා විසින් ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දෙනු ලැබීය.

ටෙන්ඩර් පරිපාටියෙන් තෝරාගන්නා සියලු ව්‍යාපෘති තෙමසකදී ආරම්භ නොකළහොත් නිකුත් කළ බලපත්‍ර අවලංගු කළයුතුබව ජනාධිපතිතුමා කියා සිටියේය.

ප්‍රතිසංස්කරණයට යෝජිත වාරි ව්‍යාපෘති 5000 ආශ්‍රිතව සූර්ය බලශක්ති පැනල සවිකිරීමට ඇති හැකියාව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා  පෙන්වා දුන්නේය.  සූර්ය බලශක්ති ව්‍යාපෘති අදාළ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන්ට පමණක් දීමත්,  ප්‍රතිලාභයෙන් යම් ප්‍රතිශතයක් ගොවි සමිති වෙත ප්‍රදානය කිරීමත් සුදුසු බව  බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පාසල්, කර්මාන්තශාලා සහ රජයේ ගොඩනැගිලිවල වහලමත සූර්ය බලශක්ති පැනල සවිකිරීමට ඇති හැකියාවත්, ලැබෙන ලාභයෙන් කොටසක් අදාළ ආයතන වෙත දීමට ඇති හැකියාවත් කෙරෙහි අවධානයට යොමු විය.

මන්නාරම, පුනරින් සහ සියඹලාණ්ඩුව ප්‍රදේශවල සුළං බලාගාර ඉදිකිරීමෙන් ජාතික විදුලි බල පද්ධතියට සැලකිය යුතු පුනර්ජනනීය බලශක්ති ප්‍රතිශතයක්  එකතු කර ගැනීම ඉලක්කයකි.

සුළං හෝ සූර්ය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට පෞද්ගලික ව්‍යවසායකයින්ට තිබෙන බාධා ඉවත් කර රජය සියලු දිරි ගැන්වීම් කළ යුතු බව ද ජනාධිපතිතුමා අවධාණය කළේය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්කර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතන ප්‍රධානිහූ සහ බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img