මල්වගාකරුවන්ට උපකරණ ලබාදීමට රුපියල් මිලියන 23 ක් වෙන් කෙරේ.
දිවයිනපුරා කුඩා පරිමාණ මල් වගාකරුවන්ට අවශ්‍ය උපකරණ නොමිලේ ලබාදීම සදහා රජය රුපියල් මිලියන 23 ක් වෙන් කරයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ මේ වසරේ අවසන් කාර්තුව සදහා මෙම ප්‍රතිපාදන වෙන් කළ බවයි.
ඒ අනුව දිවයින පුරා විසිරී සිටින ‘සුවහස් ’ මල් වගාකරුවන්ගේ සංගම් හරහා ඔවුන්ගේ සාමාජිකයන්1000කට පමණ මෙම උපකරණ බෙදා දීමට සැලසුම් කර තිබේ. ඒ අනුව දියුණු කළ පැළ වර්ග, තවාන් සදහා අවශ්‍ය පැළ බදුන්, දැළ් හා පොලිතින් ලබා දීමට නියමිතයි.
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව යටතේ පේරාදෙණිය, හග්ගල, ගම්පහ, ගණේවත්ත, මිරිජ්ජවිල, අවිස්සාවේල්ල යන උද්භිද උද්‍යාන පාලනය වේ. මෙම උද්භිද උද්‍යාන තුළ ශාඛා විශේෂ 4500 කට අධික ප්‍රමාණයක් සංරක්ෂණය කෙරේ. ඒ අතර දුර්ලභ ශාක, වනාන්තර තුළින් වද වී ගොස් ඇති ශාක, ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ශාකා වදවීමේ තර්ජනයකට ලක් ව ඇති ශාකා රැසක් මේ අතර වේ. මෙම උද්භිද උද්‍යාන වලට අමතර ව ගණේවත්ත ඖෂධ උද්‍යානය මෙරට ඖෂධ ශාක සංරක්ෂණය හා ප්‍රවර්ධනය සදහා දායක වන ප්‍රධාන පෙළේ ආයතනයකි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ දිවයින පුරා විසිරී සිටින මල්වගා කරුවන්ට අවශ්‍ය ශාක හා උපකරණ නොමිලේ ලබාදෙන ව්‍යාපෘතිය මෙරට ජනතාව තුළ මල්වගා කිරීම සදහා ම සැකසුණු ව්‍යාපෘතියක් බවයි. ලබන වසර තුළ මෙම ව්‍යාපෘතිය වඩාත් පුළුල් කරමින් වැඩි පිරිසකට මල් වගාව සදහා අවතීර්ණ වීමට අවශ්‍ය ඉඩකඩ සැලසීම රජයේ අපේක්ෂාවයි. ඊට අදාළ සැලසුම් මේ වන විට සකස් කර ඇති අතර ඉදිරි වසර තුළ එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද රණතුංග මහතා කියයි.






















