Sunday, November 15, 2026
HomeNEWSLatest Newsඅත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නීති විරෝධීව උපයා ගන්නා ලද දේපල හා...

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නීති විරෝධීව උපයා ගන්නා ලද දේපල හා මුදල් රජය භාරයට ගැනීම සම්බන්ධව අග්‍රාමාත්‍යතුමා ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නීති විරෝධීව උපයා ගන්නා ලද දේපල හා මුදල් රජය භාරයට ගැනීම සම්බන්ධව අග්‍රාමාත්‍යතුමා ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධීව එක් රැස් කර ගත් මුදල් සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් පිරිසක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ 2020.09.14 දින අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක නිරත වූහ. 

නීති විරෝධී ලෙස උපයා ගත් මුදල්, රථ වාහන, ඉඩම්, නිවාස, ගොඩනැගිලි, යනාදියට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ද නඩු විභාගය අවසන් කර දේපල රාජ සන්තක කරන තෙක් ඒවා ඔවුන් විසින්ම භුක්ති විදීම හා ඒවායෙන් මුදල් ඉපයීමත්, එම මුදල් හා දේපල තවරදුටත් නීති විරෝධී අරමුණු සඳහා යෙදවීම වැළැක්වීම සඳහාත් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.

අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් නීති විරෝධී ලෙස උපයා ගත් මුදල් හා දේපල රාජසන්තක කිරීම සම්බන්ධව කටයුතු කිරීමට පෙර මුල් අවස්ථාවේදීම එම දේපල රජය භාරයට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව මෙම හමුවට එක් වූ නිලධාරීන් අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කළේය.

මුදල් විශුද්ධි කරන පනත සහ 2006 අංක 06 දරණ මුදල් ගනු දෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනයන් සම්බන්ධව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එම පනත් අවශ්‍ය සංශෝධනයටන්ට ලක් කිරීම සහ දැනට තිබෙන  ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කළ හැකි ආකාරය සම්බන්ධව නිලධාරීන් විසින් කරුණු දක්වන ලදී. 

ඒ අනුව තිබෙන ප්‍රතිපාදන මත වහාම කටයුතු කිරීමටත්, අවශ්‍ය නීති සංශෝධනයට ලක් කිරීම සලකා බැලීමටත් තීරණය විය.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, අධිකරණ අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ, වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ චනෝකා මොහොට්ටි, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img