Friday, September 4, 2026
HomeNEWSLatest Newsවිග්නේශ්වරන්ට එරෙහි පැමිණිල්ලක විභාගය ඇරඹේ

විග්නේශ්වරන්ට එරෙහි පැමිණිල්ලක විභාගය ඇරඹේ

අධිකරණයට අපහාස කළේ, යැයි චෝදනා කරමින් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් සහ එම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරියක වන ආනන්දි සසීදරන් යන අයට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබේ.

උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන බී. ඩෙනිෂ්වරන් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ල අද (15)  මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්  සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගනු ලැබීය.

එහිදී උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කරන අන්තෝනිපිල්ලේ පතිනාදන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ හිටපු ලේකම් සිවලිංගම් සත්‍යසීලන් යන අයගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණි.

ඉන් අනතුරුව වැඩිදුර විමසීම හෙට (16) දින දක්වා කල්තැබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img