ඉන්දියාවේ තමිල්නාඩු සහ කේරළ ප්‍රාන්තවල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී LTTE ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පොත්පත් ඇතුළු උපකරණ කිහිපයක් සොයාගෙන තිබේ.
ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් අද (14) දිනයේ මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත.
තමිල්නාඩු ප්‍රාන්තයේ සහ කේරළ ප්‍රාන්තයේ ස්ථාන 07ක් මෙලෙස සෝදිසි කිරීම්වලට ලක්කර තිබේ.
අවි ආයුධ, පතරොම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගෙන් ලැබුණු තොරතුරු මත මෙම සෝදිසි මෙහෙයුම් සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
එහිදී LTTE ත්‍රස්ත සංවිධානයට අයත් පොත්පත් ජංගම දුරකථන, සිම්කාඩ් සහ ටැබ් ඇතුළු විද්‍යුත් උපාංග 7ක් සොයාගෙන ඇති බව ඉන්දීය ජාතික විමර්ශන ඒජනසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
පසුගිය අප්‍රේල් මාසයේ දී ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 300ක්, රයිෆල් 5ක් සහ ජීව පතරොම් 1000ක් සමග ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර එම සැකකරුවන්ගෙන් ලැබුණු තොරතුරු මත මෙම සෝදිසි කිරීම සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.
මෙම අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරු පාකිස්ථාන ජාතිකයෙකු බවට ද ඔහු LTTE සංවිධානය සමග ද සෘජු සබදතා පවත්වා ඇති බවට ද ඉන්දීය ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය ගෙන ඇති බවද සඳහන්ය.






















