Monday, September 21, 2026
HomeNEWSඅද මධ්‍යම රාත්‍රියේ සිට තැපෑල අතිකාල වර්ජනයක

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපෑල අතිකාල වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සදහන් කළේ, අද (15) මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.”මේ වෙද්දි තැපැල් දෙපාර්තමේන්තුවේ ඉතා බරපතළ තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම පාලන කාර්යාල සේවකයින්ගේ අතිකාල සීමා කිරීම තුළ. එක් අතකින් ඔවුන්ව දැඩි ලෙස පීඩනයකට ලක්කර ඇති අතර, අනෙක් අතට පාලන කාර්යාලවල සේවා බිඳ වැටීම තුළ මෙහෙයුම් අංශයේ සේවාවන් ශීඝ්‍ර ලෙස බිඳවැටෙනවා. ඒ නිසා අපිට මේ ගැන බරපතළ තීන්දුවක් ගන්න වෙනවා. ඒ තීන්දුව අපි ගන්නවා සමස්ත දිවයිනේම අතිකාල වර්ජනය කිරීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරනවා. මේ තුළින් තැපෑල බිඳ වටෙනවා කියලා තැපැල් පරිපාලනය හොඳාකාරවම දන්නවා. මොකද සේවකයින් 10ක් ඕන තැනට දැන් ඉන්නේ එක් කෙනයි. අද දවස ඇතුළත පිළිතුරක් නැත්නම් අද මධ්‍යම රාත්‍රී 12 සිට දිවයින පුරා සියලු තැපැල් කාර්යාල හා පාලන කාර්යාලවල මෙය ක්‍රියාත්මක වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img