Tuesday, September 8, 2026
HomeNEWSඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කළේ ජනපති බව සජිත් කියයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කළේ ජනපති බව සජිත් කියයි

*අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කළේ අපි නොවේ ජනාධිපතිවරයායි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*Smart board, computers නැති පාසල්වලට සක්වල වැඩසටහන හරහා ඒවා ලබා දී ඉංග්‍රීසි හින්දි චීන ජපන් භාෂා ඇතුළු තවත් භාෂා මෙන්ම STEAM education ඇතුළු පැතිකඩවලට යොමුවිය යුතු බවට මුලින්ම කිව්වේ සමගි ජන බලවේගය බවත් මේ වෙනස නැවත හරවන්න සමගි ජන බලවේගය සම්බන්ධයි කියා රජය කියන එක විශ්වාස කළ නොහැකි බවත් මේවා සමගි ජන බලවේගය කියා සිටියේ යල්පැනගින කටපාඩම් ක්‍රමය වෙනස් කිරීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී අධ්‍යාපනය සම්බන්ධ විශේෂඥයන් සහ පාර්ශ්ව සමග පැවැති හමුවකදීය. මෙහි දි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය*මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න විපක්ෂය කැමති බවත් මේ වැඩපිළිවෙළ අඩුපාඩුවලින් තොරව යන්න නම් Green Paper, White Paper හරහා මේ වැඩකටයුතු ක්‍රියාත්මක කරන ලෙස පැවසුවේ සමගි ජන බලවේගය බවත් විපක්ෂයකට ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ නතර කරන්න බලයක් නොමැති බවත් සමගි ජන බලවේගය කිසිදා ජනතාව පාරට බස්සවා එවැනි දෙයක් කිසිදා කර නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.*මේ අසභ්‍ය මොඩියුල හැදුවෙත් රජයයි*ජනාධිපතිවරයා කියන ආකාරයට ගුරු පුහුණු ගැටලු, තාක්ෂණික ගැටලු ආදිය මගහරවා ගෙන 2027 මේවා කරන බව කියා ඇති බවත් ජනාධිපතිවරයා ගත් තීන්දුවක් මිස විපක්ෂය මේවාට සම්බන්ධ නැති බවත් Buddy net කියන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැති බවත් මේ වෙබ් අඩවිය සහිත මොඩියුලය හදන්න විපක්ෂය සම්බන්ධ නැති බවත් ස්ථාන 12ක් මගින් මේ මොඩියුලය පරීක්ෂා කරන බවත් එවැනි ආකාරයට නිර්මාණය වූ මෙවැනි මොඩියුල සුදුසුද නැද්ද කියා දෙමාපියන්ම තීරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.*ආණ්ඩුවේ වැරැද්ද වහගන්න දැන් ⁣ෆේක් එකවුන්ට් හරහා විපක්ෂයට මඩ ගහනවා*විපක්ෂය පෙන්වා දුන්⁣නේ මේ වරද මිස ප්‍රතිසංස්කරණ නතර කිරීම නොවන බවත් ජනාධිපතිවරයා සොයා බලන විට තව අඩුපාඩු රැසක් තිබූ නිසා මේ මොඩියුල නතර කර බොරුව සමාජගත කරන සමාජ ජාලා ⁣ෆේක් වෙබ් අඩවි සමාජ මාධ්‍ය අඩවි හරහා විපක්ෂය මෙය නතර කළ බවට බොරුවක් සමාජ ගත කරමින් යන බවත් මේ ප්‍රතිසංස්කරණ නතර කළේ විපක්ෂය යැයි රජය කියනවා නම් ජනාධිපතිවරයාටත් බහුතරයක් සහිත ආණ්ඩුවටත් වඩා විපක්ෂයට බලයක් ඇති බව පෙනී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*කෝ ICT උගන්වන්න ග්‍රාමීය පාසල්වලට සම්පත්*එදා මැතිවරණ වේදිකාවේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය පරිගණක අධ්‍යාපන ගැන කියද්දි ඒවා විශ්වාස නොකර ජනතාව වත්මන් රජයට ඡන්දය දුන් බවත් ICT විෂය පවා පටන් ගන්නේ 6 වසරේ සිට බවත් ලෝකයේ K to 12 ලෙස ICT විෂය ඉගැන්නුවත් අප රටේ උගන්වන්නේ 6 වසරේ සිට බවත් මෙයත් වැරදි දෙයක් බවත් එසේම ICT විෂය උගන්වන්න හරිහමන් සම්පත් ග්‍රාමීය පාසල්වල නොමැති බවත් එවිට සම්පත් හිගතාව මතු වී අධ්‍යාපනයේ බෙදිමක් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.https://youtu.be/heR9KJIUkZ0?si=9xr3ZGBwNhlvESZn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img