Thursday, September 24, 2026
HomeNEWSඅග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙහෙයුම් ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ (Evan Papageorgiou) මහතා ඇතුළු නියෝජිත පිරිසක් සැප්තැම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් යටතේ සිදු කෙරුණු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ අත්කරගත් ප්‍රතිඵල සහ ප්‍රගතිය ඇතුළත් හත්වැනි සමාලෝචනය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ ආර්ථිකය කළමනාකරණය කිරීමේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය, බාහිර බලපෑම් මධ්‍යයේ වුවද ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා රජය කැපවී සිටින බව මෙහිදී අවධාරණය කළාය.

රජය බලයට පත්ව වසර දෙකක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ලබා ඇති ප්‍රගතිය පිළිබඳවද අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විවෘත හා විනිවිදභාවයෙන් යුතුව ලබා දුන් සහයෝගය පැසසුමට ලක් කළා ය.

ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සඳහා රජය දරන ප්‍රයත්නයන්ට අඛණ්ඩව සහාය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අර මුදල දක්වන කැමැත්තද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අගය කළාය.

බාහිර සාධක ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, සංවර්ධන හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමේදී තිරසර, වගවීමකින් යුත් සියලු දෙනා ඇතුළත් ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළාය.

දූෂණ විරෝධී පනතට යෝජිත සංශෝධන පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත වත්කම් ප්‍රකාශ මගින් ඉදිරිපත් කරන තොරතුරුවල පෞද්ගලිකත්වය සහ විනිවිදභාවය අතර සමතුලිතතාව පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාව සඳහා වන IMF නේවාසික නියෝජිත මාර්තා ටෙස්ෆායේ වෝල්ඩමිකෙල් මහත්මිය (Martha Tesfaye Woldemichael), අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවට එරෙහිව හෙට(24) පැවැත්වෙන විරෝධතාවයෙන් FOC ඉවත්වෙයි

මාධ්‍ය ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ පුළුල් මහජන පෙළගැස්ම සහ ඉදිරි ක්‍රියාමාර්ගය නිදහස් සටන් මධ්‍යස්ථානය ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත...

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ...

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img