Sunday, September 6, 2026
HomeNEWSඅවියානා සිලෝන් සභාපති ආචාර්ය තිසර හේවාවසම් ජනතා විශිෂ්ඨතා සම්මානයෙන්(People's Awards)...

අවියානා සිලෝන් සභාපති ආචාර්ය තිසර හේවාවසම් ජනතා විශිෂ්ඨතා සම්මානයෙන්(People’s Awards) පිදුම් ලබයි

අවියානා සිලෝන් සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා 2025 ජනතා විශිෂ්ඨතා සම්මානයෙන්(People’s Awards) පිදුම් ලබයි2025 ජනතා විශිෂ්ඨතා සම්මානයෙන් (People’s Awards ) ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටලය වන අවියානා සිලෝන් හි නිර්මාතෘ එහි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා පිදුම් ලැබුවේය. පසුගියදා කොළඹ පැවති 2025 ජනතා විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ඒ මහතාට සම්මානය පිරිනමන ලද්දේ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි, ට්‍රින් ති ටම්, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහ අයිකොනික් සම්මාන අධ්‍යක්ෂ අසංක අතපත්තු යන මහත්ම මහත්මීන් විසිනි.ජීවිත කාලය සඳහා වන සම්මානය ( VIP කාණ්ඩය යටතේ) ආචාර්ය තිසර හේවාවසම් මහතාට හිමි වූයේ ව්‍යාපාර නායකත්වය වෙනුවෙනි. රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් වන ආකාරයට ශ්‍රී ලංකාවේ අභිමානය සංචාරක ව්‍යාපාරය හරහා ලෝකයට ගෙනයාමට ආචාර්ය තිසර හේවාවසම් මහතා ලබාදුන් ව්‍යාපාර නායකත්වය ඇගයීම සඳහා මෙම ජනතා සම්මානය ලබාදීම විශේෂත්වයකි.එම සම්මානය සඳහා වූ හේතුපාඨ මෙසේය.“දේශිය ව්‍යවසායකයෙකු ලෙස සිය දැනුම හා හැකියාවන් වඩාත් සංවර්ධිත නූතන ව්‍යාපාරික වපසරියක් දක්වා ගෙනයාමටත් ශ්‍රී ලාංකිය සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ සුවිසල් සිහිනයක් ළඟාකරගනිමින් ප්‍රමිතිගතකරණය සහ උත්සාහය දැඩි කැපවීම වෙහෙස මත අරමුණු ළඟාකරගත් දේශිය ව්‍යවසායකයන්ටත් පූර්වාදර්ශයක් ලබා දීම වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සම්මානය” යනුවෙන් අවියානා සිලෝන් සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතාට ලබාදුන් සම්මානයට හේතුපාඨ සඳහන් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img