Monday, September 21, 2026
HomeNEWSඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු සහ ජනප්‍රිය ගායිකාවක ඇමති විජිත හමුවෙයි

ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු සහ ජනප්‍රිය ගායිකාවක ඇමති විජිත හමුවෙයි

ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු වන රවීමෝහන් සහ ජනප්‍රිය ගායිකාවක වන කෙනිසා ෆැන්සිස් යන අද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය. ඔවුන් අමාත්‍යවරයා හමුවූයේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. එම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය විජිත හේරත් මහතා සිය X ගිණුමේ ඒ බව මෙසේ සඳහන් කර තිබුණි.ජනප්‍රිය ඉන්දීය නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වන රවී මෝහන් සහ ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස් සමඟ හමුවක් අද උදෑසන එක් වුණා. ශ්‍රී ලංකාව තුළ චිත්‍රපට සංචාරක ව්‍යාපාරය නංවාලීම අරමුණු කරගත් වැදගත් සාකච්ඡාවක අපි නිරත වූයෙමු. ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන සහ ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතිය ප්‍රවර්ධනය කරන චිත්‍රපට නිෂ්පාදනය සහ සංගීත ප්‍රසංග ව්‍යාපෘති පිළිබඳව ද අපගේ සාකච්ඡාවේ දී අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ තිබෙන සිත් ඇදගන්නාසුළු ස්ථාන වෙත ආකර්ශනීය කතා සහ විදෙස් නිෂ්පාදනය වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට අපි බලාපොරොත්තු වෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img