Tuesday, September 8, 2026
HomeNEWSඉන්දීය විදේශ ඇමති ලබන සතියේ ශ්‍රී ලංකාවට

ඉන්දීය විදේශ ඇමති ලබන සතියේ ශ්‍රී ලංකාවට

ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා එළැඹෙන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අවස්ථාවක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි.2025 නොවැම්බර් 27 වැනි දින ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 600කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මිලියන ගණනක් ජනතාවට දැඩි ලෙස බලපෑම් එල්ල විය.මෙම ආපදාවට පසු ‘ඔපරේෂන් සාගර් බන්ධු’ (Operation Sagar Bandhu) මෙහෙයුම ආරම්භ කරමින් ඉන්දියාව වහාම ශ්‍රී ලංකාවට සහාය දක්වමින් මානුෂිය ආධාර, හදිසි සහන ද්‍රව්‍ය සහ අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට පියවර ගෙන තිබුණි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළදී ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු, දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගිතාව සහ කලාපීය ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා සිදු වීමට නියමිත බව වාර්තා වෙයි.ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංචාරයෙ මගින් ඉන්දියාවේ “අසල්වැසි ප්‍රදේශය ප්‍රථමයෙන්” ප්‍රතිපත්තිය සහ හවුල් සමුද්‍රීය අවශ්‍යතා පිළිබිඹු කරමින් අඛණ්ඩ ප්‍රතිසංස්කරණ සහාය කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img