Tuesday, September 8, 2026
HomeNEWSඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්

ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්

බන්ධනාගාරගත කර සිටින හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් වුවද, ඔහු නැවත හමුදාව හෝ හමුදාපති අසීම් මුනීර් සමඟ ගැටුමකට නොයන බව ඔහුගේ ප්‍රධාන උපදේශකයෙකු වන දුල්ෆිකාර් බුකාරි ප්‍රකාශ කර සිටිනවා.

රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉම්රාන් ඛාන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට ලබාදුන් නියෝගයෙන් පසුව, රටේ අනාගතය වෙනුවෙන් පවතින දේශපාලන නොසන්සුන්තාව අවසන් කිරීමට තම පක්ෂය සූදානම් බවයි.

73 හැවිරිදි ඉම්රාන් ඛාන්ව පැය 48ක් ඇතුළත පෞද්ගලික රෝහලකට මාරු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය බලධාරීන්ට පවසා ඇත්තේ.

ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් නොහොත් PTI පක්ෂයේ ප්‍රකාශක දුල්ෆිකාර් බුකාරි පෙන්වා දෙන්නේ, ඉම්රාන් ඛාන් නිදහස් වුවද රටට හානියක් වන කිසිදු ක්‍රියාවක නිරත නොවන බවයි.

හමුදා නායකත්වය සමඟ ගැටෙනවාට වඩා වේදනාවන් ඉවසමින් රට වෙනුවෙන් කටයුතු කිරීමට ඔහු සූදානම් බවත්, හමුදාපතිවරයා සුබවාදී පියවරක් තබන්නේ නම් පැය 24ක් ඇතුළත සියලු දේශපාලන සිරකරුවන්ට නිදහස හිමිවනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කරනවා.

කෙසේවෙතත්, විදේශගතව සිටින PTI පක්ෂ නායකයින්ගේ මෙම අදහසට බන්ධනාගාරගතව සිටින ඉම්රාන් ඛාන් එකඟ වන්නේ ද යන්න පිළිබඳව දේශපාලන විශ්ලේෂකයෝ සැක පළ කරනවා.

මෙම ලිහිල් ප්‍රවේශය හමුවේ වුවද, ඉම්රාන් ඛාන්ට සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සහ ඔහුව නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන සැප්තැම්බර් 27 වනදා රට පුරා දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්වීමට PTI පක්ෂය තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img