Monday, September 21, 2026
HomeNEWSඉරාන නව උත්තරීතර නායකයා ඉරාකයට ස්තුති කරයි

ඉරාන නව උත්තරීතර නායකයා ඉරාකයට ස්තුති කරයි

ඉරානයට එරෙහිව අමෙරිකාව හා ඊශ්‍රායලය ඇරඹූ යුද්ධයේදී ඉරාකය කටයුතු කළ ආකාරය ගැන ඉරාන නව උත්තරීතර නායක මොජ්තබා කමේනි ඉරාක පූජක පක්ෂයට සහ ජනතාවට සිය ස්තූතිය පිරිනමා තිබේ.ඉරාක උත්තරීතර ඉස්ලාමීය සභාවේ කථානායකවරයා සහ ඉරාකයේ ඉරාන තානාපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් පසුව, කමේනි විසින් යොමුකළ බවට පැවසෙන ලිපියක් ඉරාක නිලධාරියෙකුට ලබාදී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.ඉරානයේ නව උත්තරීතර නායක ලෙස මාර්තු මස මුලදී මොජ්තබා කමේනි පත්වීමෙන් පසු ඔහු යොමුකළ බවට පැවසෙන ලිඛිත පණිවිඩ කිහිපයක් මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව තිබේ.කෙසේ වෙතත් ඔහු පත්වූදා සිට තවමත් ප්‍රසිද්ධියේ හෝ රාජ්‍ය රූපවාහිනියේ දක්නට නොලැබුණි.ඒ හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, මොජ්තාබා කමේනි මිය ගොස් හෝ ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවය. කෙසේ නමුත් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන තානාපතිවරයා අවධාරනය කරන්නේ, කමේනි මහජනයා ඉදිරියට නොපැමිණීම ආරක්ෂක හේතුවක් මත බවය.ඉරානයේ හිටපු උත්තරීතර නායක අභාවප්‍රාප්ත අයදුල්ලාහ් අලි කමේනි පෙබරවාරි 28 වන දින ප්‍රහාරයේ පළමු දිනයේම මිය ගිය නමුත් ඔහුගේ දේහය තවමත් භූමදාන කර නොමැති බව සඳහන්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img