Monday, September 14, 2026
HomeNEWSඉරාන හිටපු ජනපති අහමදිනෙජාඩ් අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

ඉරාන හිටපු ජනපති අහමදිනෙජාඩ් අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

2005 වසරේ සිට 2013 වසර දක්වා ඉරානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහමුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad), අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.ඊසානදිග ටෙහෙරානයේ ‘නර්නැක්’ (Narnak) ප්‍රදේශයේ පිහිටි අහමදිනෙජාඩ් මහතාගේ නිල නිවස ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇත.මෙම ප්‍රහාරයෙන් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු මියගිය බව ඉරාන මාධ්‍ය ආයතන තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.මහමුද් අහමදිනෙජාඩ් ජනාධිපති ධුරයට පත්වීමට පෙර අර්ඩබිල් පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසත්, ටෙහෙරාන් නුවර නගරාධිපතිවරයා ලෙසත් කටයුතු කර තිබේ.ජනාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසු, ඔහුව උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් ‘උපායමාර්ගික උපදේශක මණ්ඩලයේ’ (Expediency Discernment Council) සාමාජිකයෙකු ලෙස පත් කර ඇත.උත්තරීතර නායකයාගේ මරණයෙන් පසු, ඉරාන දේශපාලනයේ තවත් ප්‍රබල චරිතයක් වූ අහමදිනෙජාඩ් මෙලෙස මියයාම එරට පාලන තන්ත්‍රයට එල්ල වූ තවත් ප්‍රබල පහරක් ලෙස සැලකේ.ඉරාන හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබීමද විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img