Tuesday, September 8, 2026
HomeNEWSඔරියන් පෘතුවියෙන් ඈත් වෙයි

ඔරියන් පෘතුවියෙන් ඈත් වෙයි

ARTEMIS – II’ මෙහෙයුම යටතේ ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් ඔරියන් අභ්‍යවකාශ යානය පෘථිවි කක්ෂය වටා පැය 23කට වැඩි කාලයක් ගමන් කිරීමෙන් අනතුරුව මේ වනවිට සඳ වෙත ගමන් කිරීම ආරම්භ කර තිබේ.නාසා ආයතනය අද (3) පෙරවරුවේ නිවේදනය කර සිටියේ, ඔරියන් යානයට දින 4කින් සඳට ළඟා වීමට අවස්ථාව උදාවන බවය.අමෙරිකානු වේලාවෙන් බදාදා ආරම්භ වූ මෙම මෙහෙයුමට අනුව පෙර සැලසුම් කර තිබූ ලෙසම ගමන්මග සම්පූර්ණ කළ හැකිවුව හොත් ඔරියන් යානයට අප්‍රේල් 6 වනදා (අමෙරිකානු වේලාවෙන්) මිනිස් ඇසට කිසිදා නොපෙනෙන සඳෙහි අනෙක් පස වටා ගමන් කිරීමට අවස්ථාව උදාවේ.වසර 50කට (1972න් පසු) වැඩි කාලයකට පසු සඳේ කක්ෂය වෙත සිදුකරන ප්‍රථම මිනිස් මෙහෙයුම මෙය වේ.මෙම මෙහෙයුමේ මූලික අරමුණ ඉදිරි වසරවලදී සඳ මත මිනිසෙකු ගොඩබැස්වීමේ අනාගත මෙහෙයුම් සඳහා අවශ්‍ය පදනම සකස් කිරීමය.ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් හි පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අමෙරිකානු වේලාවෙන් පස්වරු 18:24 ට (ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා අලුයම 3:54 ට පමණ) මෙම යානය ගුවන්ගත කිරීම ආරම්භ විය.දින 10ක මෙහෙයුමක් වන මෙය මෑත ඉතිහාසයේ සඳ ආශ්‍රිතව සිදු කෙරෙන තීරණාත්මකම මිනිස් මෙහෙයුම ලෙස සැලකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img