Monday, September 7, 2026
HomeNEWSVAT බදු පරාසය පුළුල් කිරීමෙන් ව්‍යාපාරිකයින්ට ගැටළු රැසක් - විමල්

VAT බදු පරාසය පුළුල් කිරීමෙන් ව්‍යාපාරිකයින්ට ගැටළු රැසක් – විමල්

පවතින ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි හමුවේ දණනමමින්, මෙරට දේශීය නිෂ්පාදන පද්ධතිය සහ සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගත් මාරාන්තික ‘ප්‍රහාර තුනක්’ (ත්‍රි විධ පුහාරයක්) එල්ල කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කරනවා. බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, රජය ක්‍රියාත්මක කරන මෙම ‘මෘග පාලනය’ හමුවේ අප්‍රේල් මස උදාවත් සමඟ රටේ මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ව්‍යාපාර හිමි ව්‍යාපාරික ප්‍රජාව සහ ජනතාව දැඩි අගාධයකට ඇද වැටෙනු ඇති බවයි.ආණ්ඩුව ඉතා සාහසික ලෙස විදුලිබිල ඉහළ දැමීම පිළිබඳව අදහස් දැක්වූ වීරවංශ ඒකක 180කට වඩා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට 25%ක සහ සමස්තයක් ලෙස 13%ක මිල වැඩිවීමක් පැනවීම මගින් දේශීය ව්‍යාපාර පවත්වාගෙන යාම අසීරු මට්ටමට පත් කර ඇති බව පෙන්වා දුන්නා. “මේ බලශක්ති අර්බුදය ආණ්ඩුව විසින්ම නිර්මාණය කරගත්තක්. බාල ගල්අඟුරු ටෙන්ඩර් හරහා නොරොච්චෝල බලාගාරයේ ධාරිතාව බිඳවැට්ටුවා. ඒ හිඩැස පියවන්න ගිනි ගණනට තෙල් ගේන්න වුණා. දැන් ඒ පාඩුව පියවගන්න හදන්නේ පරණ මිලට ගෙනාපු තෙල්වලටත් මිල වැඩි කරලා ජනතාව හිරිවට්ටලා. මේක හරියට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්,” යැයි මන්ත්‍රීවරයා සඳහන් කළා. අප්‍රේල් පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බදු (VAT) පරාසය පුළුල් කිරීම හරහා මාසිකව රුපියල් ලක්ෂ 30ක පමණ පිරිවැටුමක් ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවා බදු දැලට හසුවන බවත්, එමගින් භාණ්ඩ හා සේවා මිල තවදුරටත් ඉහළ යන බවත් හෙතෙම පැවසුවා. කෙසේ වෙතත්, වීරවංශගේ දැඩි විවේචනයට ලක් වූයේ දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් පනවා තිබූ ‘සෙස් බද්ද’ ඉවත් කිරීමට කර්මාන්ත අමාත්‍යවරයා ගෙන ඇති තීරණයයි. “දේශීය නිෂ්පාදකයා රැකගන්න තියෙන එකම ආවරණය තමයි සෙස් බද්ද. දැන් IMF නියෝග මත කර්මාන්ත ඇමතිවරයාම ඒක ඉවත් කරන්න ගැසට් ගහනවා. කිරි, බටර්, චීස්, මස්, මාළු වගේම කෘෂිකාර්මික නිෂ්පාදන පවා මේ නිසා විදේශීය තරඟකාරීත්වය හමුවේ විනාශ වෙලා යනවා. 2029 වෙනකොට මේ බද්ද සියයට සියයකින් ඉවත් කරන්නයි මේ සූදානම. මේක දේශීය කර්මාන්තකරුවාගේ බෙල්ලට වැටෙන තොණ්ඩුවක්,” යැයි ද ඔහු පැවසුවා.ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයට විසඳුම් ලෙස රුසියාවෙන් සහ ඉරානයෙන් සහන මිලට තෙල් ලබාගැනීමට තිබූ අවස්ථාවන් ආණ්ඩුව හිතාමතාම මඟහැර ඇති බවට මන්ත්‍රීවරයා චෝදනා කළා. බටහිර රටවල් සහ මූල්‍ය අරමුදල අමනාප වේ යැයි බියෙන්, ජාතික අවශ්‍යතාව පසෙකලා ආණ්ඩුව කටයුතු කරන බව ඔහු පැවසුවා. “බ්‍රික්ස් (BRICS) සමුළුවට පුටින් ජනාධිපතිවරයා ආරාධනා කළත්, අමෙරිකානු තානාපතිනියගේ උපදෙස් මත ඒ ගමන නතර කළා. අද රුසියාවෙන් තෙල් ගන්න ධෛර්යයක් මේ පාලකයන්ට නැහැ. මේක රාජ්‍යයේ ස්වෛරීත්වය පාවා දීමක්.”යයිද විමල් වීරවංශ ප්‍රකාශ කළා. වත්මන් පාලනය ‘අයි.සී.යූ’ (ICU) එකක සිටින රෝගියෙකුට සමාන කළ වීරවංශ , මොළය මියගියත් හදවත පමණක් ගැහෙන තත්ත්වයක රට පවත්වාගෙන යන බවත්, මෙය ‘ටික ටික මරාදමන’ ක්‍රමවේදයක් බවත් සඳහන් කළා. “රතු කමිස ඇන්දත්, වෙන මොන පාට ඇන්දත් මේ වැල් පාලමේම යනවා නම්, මේ IMF මාවතේම යනවා නම් රටට අත්වෙන්නේ එකම ඉරණමයි. මේ කයිවාරු පාලනය වෙනුවට, අසීරු වුවත් නිවැරදි මාවත තෝරාගත හැකි ධෛර්යසම්පන්න නායකත්වයක් රටට අවශ්‍යයි. දේශීය නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කරමින් පොදු ජනතාව ඔසවා තැබිය හැකි පාලන පෙරළියකට නායකත්වය දීමට ජාතික නිදහස් පෙරමුණ සූදානම්,” යැයි ද විමල් වීරවංශ මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද...

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලුම දෙනා එක් විය යුතුයි- එජාප නායක හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී....
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img