Sunday, September 6, 2026
HomeNEWSකෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස් දෙනා ශ්‍රීලංකාවට රැගෙන එයි

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස් දෙනා ශ්‍රීලංකාවට රැගෙන එයි

ඉන්දුනීසියාවේ ජකර්තා හිදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගත් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබේ.පැය කිහිපයක ප්‍රමාදයකින් අනතුරුව අද (30) පස්වරු 3.30ට පමණ ජකර්තා අගනුවරින් පිටත් වූ ගුවන් යානය රාත්‍රී 7.20ට පමණ ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇත.මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ තුළත් ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයිද වාර්තාවේ. මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුඩ්ලර් යන මහත්වරුන් ඇතුළු පොලිස් විශේෂ කාර්යය බළකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.ඔවුන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන නිලධාරීන් දෙදෙනා විසින් ඉන්දුනීසියාවේ විශේෂ පොලිස් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img