Thursday, September 24, 2026
HomeNEWSගුරු සංවර්ධන නිලධාරීන් හමුවීමට සජිත් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට යයි

ගුරු සංවර්ධන නිලධාරීන් හමුවීමට සජිත් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට යයි

*රටට විහිළු සපයන්නේ නැතිව ගුරු සංවර්ධන නිලධාරීන්ට සහ රැකියා විරහිත උපාධිධාරීන්ට හිමි රැකියා ටික ලබා දෙන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*අප රටේ බරපතල ගුරු හිගයක ඇති අවස්ථාවේ ගුරු සංවර්ධන නිලධාරින් වසර ගණනාවක් කැපකිරීම් කර 41 ලක්ෂයකට වැඩි පාසල් දූදරුවන් වෙත අධ්‍යාපනය ලබා දී නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න ගුරු සංවර්ධන නිලධාරීන් 22000ක් කටයුතු කළ බවත් අද ඒ අතරින් 16600ක් සිටින බවත් සෙසු අය කළ කිරීම නිසා ඉවත් වී ඇති බවත් මැතිවරණ සමයේ මේ රජය විපක්ෂයේ සිටින විට මේ ගුරු සංවර්ධන නිලධාරින් ගුරු සේවයට ඇතුළත් කරන්න තීන්දු, පොරොන්දු හා ප්‍රතිඥා දුන් නමුත් අද ඒවා කඩ කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයේ යෙදී සිටි ගුරු සංවර්ධන නිලධාරීන් ඇතුළු රැකියා විරහිත උපාධිධාරීන් හමුවූ අවස්ථාවේ දීය*එබැවින් මේ 16600ට ගුරු සේවයේ පත්වීම් ලබා දෙන්න කටයුතු කරන ලෙසත් මේ සම්බන්ධයෙන් ඇති සමථකරණ තීන්දුව ක්‍රියාත්මක කර වසර ගණනාවක් මොවුන් අධ්‍යාපන කටයුතු කර ඇති නිසා මොවුන්ට ඒ සම්බන්ධ වටිනාකමක් ලබා දෙන ලෙසත් කළපුරුද්ද දැකපුරුද්ද හා පළපුරුද්ද මේ අයට ඇති නිසා රටට විහිලු සපයන්නේ නැතිව පොරොන්දු වූ ආකාරයට මොවුන්ගේ රැකියා නිසි පරිදි ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.එසේම මැතිවරණ සමයේ කතිරය ගන්න රැවටීම් කර අද මොවුන් අමතක කර ඇති බවත් කරුණාකර මේ කියපු දේවල් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් බැවින් තවදුරටත් රැවටිම් කළ නොහැකි බවත් මේ රැවටීම නතර කළ යුතු බවත් මොවුන්ගේ රැකියා ලබා දෙන තුරු මේ සටනට නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.ගුරු සංවර්ධන නිලධාරීන් 16600 ගැන තමා පාර්ලිමේන්තුවේ කතා කරමින් ඉල්ලා සිටියේ විසදුම් බවත් ඊට අමතරව රැකියා විරහිත උපාධිධාරීන් 35000ට ද රැකියා අපේක්ෂාවෙන් සිටින බවත් කෙසේ හෝ මොවුන්ට රැකියා ලබා ගැනීම තමාගේ අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.https://youtu.be/3bguT2kVsg8?si=4Y1fWC396bFVVANw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහි සජබ විරෝධය අද(24)

ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේදී...

ආණ්ඩුවට එරෙහිව හෙට(24) පැවැත්වෙන විරෝධතාවයෙන් FOC ඉවත්වෙයි

මාධ්‍ය ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ පුළුල් මහජන පෙළගැස්ම සහ ඉදිරි ක්‍රියාමාර්ගය නිදහස් සටන් මධ්‍යස්ථානය ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත...

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ...

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img