ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේදී පෙරවරු 09ට විරෝධතාවය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සඳහන්ය.
ඒකාධිපති ගමනකට මුලපුරන 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මෙම උද්ඝෝෂණය සහ විරෝධතාවය පැවැත්වෙන අතර ඊට සහභාගී වන ලෙස සියලුම ජනතාවට ආරාධනා කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.






















