Sunday, September 20, 2026
HomeNEWSගොවි විරෝධතාවයක් හේතුවෙන් අම්බලන්තොට උණුසුම්

ගොවි විරෝධතාවයක් හේතුවෙන් අම්බලන්තොට උණුසුම්


කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට දිනෙන් දින එල්ල වන බලපෑම් සහ තර්ජන හමුවේ සිය අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවිතැනින් ඈත්වීමට සිදුව ඇති බව පවසමින් අම්බලන්තොට නගරයේදී අද (10) පැවති ගොවි විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

අම්බලන්තොට රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා කිරිඳිඔය ඒකාබද්ධ ගොවි සංවිධානය, වම් ඉවුර, දකුණු ඉවුර ඇතුළු ගොවි සංවිධාන රැසක නියෝජිතයෝ එක්ව සිටියහ.

අම්බලන්තොට බස් නැවතුම්පොළ අසලට රැස් වූ ගොවීහු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සහ සටන් පාඨ කියමින් සිය ඉල්ලීම් ඉදිරිපත් කළහ.

අනතුරුව ඔවුහු අම්බලන්තොට නගරය හරහා වලවේ ගඟ පාලම අසලට ගමන් කර, පසුව නැවත නගර මධ්‍යයේ ඔරලෝසු කණුව දක්වා පැමිණ විරෝධතාවයේ නිරත වූහ.

වී සඳහා සාධාරණ මිලක් ලබාදීම, කෘෂිකර්මාන්තයට අවශ්‍ය යෙදවුම්වල මිල අඩු කිරීම සහ ගොවීන්ට විවිධ නම්වලින් අපහාස කිරීම නතර කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව පැවැති බව වාර්තාවේ.

එමෙන්ම, නිෂ්පාදන වියදමට සරිලන පරිදි වී කිලෝග්‍රෑමයක් රුපියල් 140ක මිලකට හෝ රජය විසින් මිලදී ගන්නා ලෙසද ගොවීහු ඉල්ලා සිටියහ.

විරෝධතාව හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට තරමක බාධා එල්ල වූ අතර, අම්බලන්තොට පොලිස් රථවාහන අංශයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විරෝධතාකරුවන් මාර්ගයෙන් පසෙකට වී විරෝධතාවයේ නිරත වූහ.

මේ අතර, ගොවි සංවිධාන නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටියදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු ගොවීන් සමඟ බහින්බස්වීමක් ඇති කරගෙන ඔවුන්ගේ අදහස් දැක්වීමට බාධා කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

පසුව එම බහින්බස්වීම දුරදිග යාමෙන් තල්ලු කිරීම් ඇතුළු සිදුවීම් ඇති වූ අතර, පහරදීමක්ද සිදුවූ බව ගොවි සංවිධාන නියෝජිතයෝ සඳහන් කළහ.

අදාළ ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයා අනතුරුව අම්බලන්තොට රෝහල් මාර්ගය දෙසට දිව ගොස් ඇති අතර, එම ස්ථානයට පැමිණි පොලීසිය මැදිහත්වී තත්ත්වය පාලනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img