Monday, September 14, 2026
HomeNEWSඝාතන, ගිනි තැබීම්, විරෝධතා මධ්‍යයේ නේපාලයේ බලය රැප් ගායකයෙකුට

ඝාතන, ගිනි තැබීම්, විරෝධතා මධ්‍යයේ නේපාලයේ බලය රැප් ගායකයෙකුට

නේපාලයේ හිටපු අගමැති ජලානාත් ඛානල්ගේ බිරිඳ වන රබි ලක්ෂ්මි චිත්‍රකාර් හත්මිය, ඩල්ලු හි පිහිටි ඔවුන්ගේ නිවසට විරෝධතාකරුවන් ගිනි තැබීමෙන් සිදුවූ බරපතල පිළිස්සුම් තුවාල හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.ඇයව කීර්තිපූර් පිළිස්සුම් රෝහලට ඇතුළත් කළද, ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බව පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර ඇත.පවුලේ සාමාජිකයන්ට අනුව, විරෝධතාකරුවන් පිරිසක් විසින් චිත්‍රකාර් මහත්මිය බලහත්කාරයෙන් නිවස තුළට ඇතුළු කර, පසුව ගිනි තබා ඇති බව කියනු ලැබේ. මෙම ඛේදනීය සිදුවීම සිදුවී ඇත්තේ නේපාලය පුරා දින දෙකක් තිස්සේ පැතිරී යන ප්‍රචණ්ඩ Gen-Z නායකත්වයෙන් යුත් විරෝධතා මධ්‍යයේය.රජය විසින් සමාජ මාධ්‍ය තහනම ඉවත් කර ඇතැයි ප්‍රකාශ කළද, විරෝධතාකරුවන් අගමැති ඔලී (Oli) මහතා ධූරයෙන් පහ කරන ලෙසත්, රජය විසුරුවා හරින ලෙසත් ඉල්ලා සිටියහ.මෙම විරෝධතාවල දෙවන දිනයේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය යාමත් සමඟ, සමස්ත මරණ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගිය අතර, 300 කට අධික පිරිසක් තුවාල ලබා සිටියහ.නේපාලය පුරා ප්‍රධාන රජයේ හා දේශපාලන ස්ථානවලටද ප්‍රහාර එල්ල වී තිබේ. කත්මණ්ඩු හි මධ්‍යම පරිපාලන සංකීර්ණය වන සිංහ දුර්බාර් සහ ජනාධිපති නිල නිවස වන ශීතල් නිවාස් ද විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇත.ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩෙල් , අගමැති කේ.පී. ෂර්මා ඔලී සහ හිටපු අගමැතිවරුන් වන පුෂ්ප කමල් දහාල් ‘ප්‍රචණ්ඩ’ සහ ෂේර් බහදූර් දියුබා යන අයගේ නිල නිවාසවලටද ගිනි තබා ඇත.දියුබා මහතාගේ නිල නිවසට එල්ල වූ ප්‍රහාරයේදී ඔහුට සහ ඔහුගේ බිරිඳ වන විදේශ අමාත්‍ය අර්සු රානා දියුබා මහත්මියට පහර දී ඇති බවද වාර්තා විය.උත්සන්න වන නොසන්සුන්තාවන් මධ්‍යයේ දේශපාලන පක්ෂවල කාර්යාල ද ඉලක්ක කර ඇත.රජයේ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව ප්‍රචණ්ඩ විරෝධතා උත්සන්න වීමත් සමඟ, නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලී මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඔහුගේ සහායක ප්‍රකාශ් සිල්වාල් මෙම පුවත තහවුරු කළේය.ඔලී සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ “ගැටලුවට විසඳුමක් පහසු කිරීම සඳහා සහ එය දේශපාලනිකව විසඳීමට උපකාර කිරීම සඳහා” තමා ධූරයෙන් ඉවත් වන බවයි.හමුදා ආරංචි මාර්ගවලට අනුව, ඔලී මීට පෙර නේපාල හමුදා ප්‍රධානී ජෙනරල් අශෝක් රාජ් සිග්දෙල් සමඟ සාකච්ඡා කර, තත්ත්වය පාලනය කිරීමට සහ අගමැති නිල නිවාසයෙන් ආරක්ෂිතව පිටවීමට හමුදා ආධාර ඉල්ලා ඇත.හමුදා ප්‍රධානියා ඔහුට ධූරයෙන් ඉවත් වන ලෙස උපදෙස් දී ඇති අතර, ඔහු බලය අත්හැරියහොත් පමණක් හමුදාවට තත්වය ස්ථාවර කළ හැකි බව පවසා ඇතවාර්තා වන අන්දමට අගමැති ඔලී හමුදා හෙලිකොප්ටරයකින් පලා ගොස් ඇත.මේ අතර නේපාල අගමැති ඔලී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ, කත්මණ්ඩු නගරයේ නගරාධිපතිවරයා වන බැලේන්ද්‍ර ෂා නේපාලයේ මීළඟ නායකයා ලෙස අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වෙමින් සිටී.“බැලන්” ලෙස ජනප්‍රිය, 35 හැවිරිදි ෂා, රැප් ගායකයෙකුගෙන් දේශපාලඥයෙකු බවට පත් වූවෙකි.ඔහු 2022 මැයි මාසයේ සිට කත්මණ්ඩු නගරයේ 15 වැනි නගරාධිපතිවරයා ලෙස කටයුතු කරන අතර, කිසිදු පක්ෂයක සහාය නොමැතිව එම තනතුර දැරූ පළමු ස්වාධීන අපේක්ෂකයා ද වේ.වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයෙකු වන ෂා, ඉන්දියාව සමඟ ද සම්බන්ධයක් පවතින අතර, ඔහු කර්ණාටකයේ විශ්වේශ්වරය තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව හදාරා ඇත.දේශපාලනයට පිවිසීමට පෙර, ඔහු නේපාලයේ හිප්-හොප් සංගීත ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව සිටි අතර, තම සංගීතය දූෂණය හා සමාජ අසමානතාව ඉස්මතු කිරීමට යොදා ගත්තේය.අගමැති ඔලී සහ අනෙකුත් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමේ ඔවුන්ගේ ඉල්ලීම දැනටමත් ඉටු වී ඇති බව සඳහන් කරමින්, විරෝධතාකරුවන්ගෙන් සංයමයෙන් කටයුතු කරන ලෙස ෂා අඟහරුවාදා ෆේස්බුක් සටහනකින් ඉල්ලා සිටියේය.ඔහු මහජන හා පෞද්ගලික දේපළවලට තවදුරටත් හානි කිරීමෙන් වළකින ලෙසට අනතුරු ඇඟවූ අතර, “රටේ ධනය අහිමි වීම, යථාර්ථයේ දී අපගේම දේපළ අහිමි වීමකි. දැන් අප සියලු දෙනා සංයමයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි” යනුවෙන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img