Friday, September 11, 2026
HomeNEWSචීන සහ රුසියානු ජනාධිපතිවරුන් අතර රහස් කතාවක් එළියට

චීන සහ රුසියානු ජනාධිපතිවරුන් අතර රහස් කතාවක් එළියට

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් එරට බීජිං නුවර දී ඊයේ පැවැති දෙවැනි ලෝක යුද්ධයේදී ජපානය පරාජයට පත්කිරීමේ 80 වැනි සංවත්සර සැමරුමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඇතුළු රාජ්‍ය නායකයින් 26 දෙනෙක් ද එක්විය.උත්සවය පැවැති ටියන්-අන්මෙන් චතුරස්‍රයේ උත්සවය වෙත ගමන් කරමින් සිටින අතර පුටින් සහ ෂී ජනාධිපතිවරුන්, අවයව බද්ධ කිරීම මගින් වසර 150ක් ජීවත් වීමට ඇති හැකියාව පිළිබඳව සිදු කරන කතාබහක් විදෙස් මාධ්‍ය ආයතනයක මයික්‍රෙෆා්නයේ සටහන්ව තිබුණි. චීන ජනාධිපති ෂී ජින්පින් – ”අතීතයේ දී, පුද්ගලයෙකුට වයස 70ට වඩා ජීවත් වීම දුර්ලබ දෙයක්. නමුත් දැන් කියන්නේ වයස 70 තවමත් තරුණයි කියලා.” රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් -”ජෛව තාක්ෂණයේ දියුණුවත් එක්ක මානව අවයව නැවත නැවත බද්ධ කරන්න පුළුවන් සහ මිනිසුන්ට තරුණ විදියට සහ සදාකාලිකව වුවත් ජීවත් වෙන්න පුළුවන්.”චීන ජනාධිපති ෂී ජින්පින් – ”මේ ශතවර්ෂයේ අනාවැකිවලට අනුව වසර 150ක් වුණත් ජීවත් වීමේ හැකියාව තිබෙනවා ඒ මගින්” මේ වන විට හැත්තෑ දෙහැවිරිදි වියේ පසුවන පුටින් සහ ෂී ජින්පින් පිළිවෙලින් වසර 25 සහ 13 බැගින් සිය රාජ්‍යයන් පාලනය කරමින් සිටී.ඔවුන් දෙදෙනාම මෙතෙක් එම තනතුරුවලින් ඉවත් වීම පිළිබඳව අදහස් පළකර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img