Wednesday, September 23, 2026
HomeNEWSජනපති අනුරපුරයට පැමිණෙන විට නවාතැන් ගන්නා ස්ථානය ආසන්නයේ තිබී පුපුරණ ද්‍රව්‍ය ...

ජනපති අනුරපුරයට පැමිණෙන විට නවාතැන් ගන්නා ස්ථානය ආසන්නයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවේ

ජනාධිපතිවරයා අනුරාධපුරයට පැමිණෙන අවස්ථා වලදී නවාතැන් ගන්නා අනුරාධපුර පෙරිමියන්කුලම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට නිවෙසක අත්බෝම්බයක් තිබෙන බවට (01) ලැබුණු හදිසි ඇමතුමකට අනුව කළ විමර්ශනයකදී පුපුරන ද්‍රව්‍යයක් සොයාගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.අත්බෝම්බයක හැඩයට සමානව නූල් පන්දුවක් ලෙස සකසා තිබූ මෙම පුපුරන ද්‍රව්‍ය, සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා හක්කපටස් නමැති පුපුරන ද්‍රව්‍යයක් බවට පසුව අනාවරණය කරගෙන සිද්ධිය සම්බන්ධයෙන් නිවෙසේ සිටි තරුණයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත්, ඉන් දෙදෙනෙකු පිටස්තරයන් බවත් පොලිසිය කියයි.ඔවුන් යම් අපරාධ ක්‍රියාවකට සම්බන්ධ ද යන්න දැන ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද පොලිසිය සඳහන් කරයි.පොලිසියට හදිසි දුරකථන ඇමතුම ලැබීමත් සමඟ එම ස්ථානයට අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක්ද පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img