Thursday, September 10, 2026
HomeNEWSජනප්‍රිය ඉන්දීය ගායිකා අනුරාධා පෞද්වාල් ජවිපෙ ප්‍රධාන ලේකම් හමුවෙයි

ජනප්‍රිය ඉන්දීය ගායිකා අනුරාධා පෞද්වාල් ජවිපෙ ප්‍රධාන ලේකම් හමුවෙයි

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත පද්ම ශ්‍රී සම්මානලාභී, ප්‍රවීණ බොලිවුඩ් ගායිකා අනුරාධා පෞද්වාල් (Anuradha Paudwal) මහත්මිය ඊයේ (21) බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හමුවුණා.එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ද එක් වී සිටි අතර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් රෝෂ්ණි තොම්සන් (Roshni Thomson) , විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මහාචාර්ය අංකුරන් දත්ත (Ankuran Dutta) , “Timeless Bollywood Melodies” සංගීත වැඩසටහනේ සංවිධායකවරිය වන කෞෂල්‍යා වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.“Anuradha Paudwal Live in Sri Lanka – Timeless Bollywood Melodies” නමින් ජනවාරි අද(23) වැනි දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිය සුභ පැතුම් පළ කළ අතර එම සංගීත ප්‍රසංගය සඳහා සහභාගී වන්නැයි ජවිපෙ ප්‍රධාන ලේකම්ට සහ අමාත්‍යවරයාට එම පිරිස විසින් ආරාධනයක්ද කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img