Tuesday, September 22, 2026
HomeNEWSජපානයේ ක්‍රිකට් දියුණුවට ශ්‍රී ලංකාවේ සහාය -ඇමති විජිත

ජපානයේ ක්‍රිකට් දියුණුවට ශ්‍රී ලංකාවේ සහාය -ඇමති විජිත

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ උපරිම සහාය ලබාදෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවට පසුගියදා පැමිණි ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායම මුණගැසුණු අවස්ථාවේදී විජිත හේරත් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම හමුවීමෙන් අනතුරුව අමාත්‍යවරයා සිය X ගිණුමේ තැබූ සටහන පහත දැක්වේ.
ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට සුබපැතුම් එක් කළෙමි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංචාරකත්වය ප්‍රවර්ධනය කිරීමට ජපාන ජාතික කණ්ඩායමේ පැමිණීම වැදගත් අවස්ථාවක් වන අතර ක්‍රිකට් ලෝක කුසලානයක් හිමි රටක් ලෙස ශ්‍රී ලංකාව විසින් ජපාන ක්‍රිකට් කණ්ඩායමේ දියුණුවට අවශ්‍ය සියලු සහාය ලබා දීමට කැමැත්ත ද පළ කළෙමු. මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ද එක්ව සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img