Tuesday, September 22, 2026
HomeNEWSජවිපෙ ප්‍රධාන ලේකම් සහ කියුබානු තානාපති අතර හමුවක්

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කියුබානු තානාපති අතර හමුවක්

*ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කියුබානු තානාපති අතර හමුවක්*ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ කියුබානු නව තානාපතිනි පැට්‍රීෂියා පෙගෝ ගුවෙරා (Patricia Pego Guerra) මහත්මිය අතර හමුවක් ඊයේ (03) පෙරවරුවේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.මෙහිදී ශ්‍රී ලංකාව හා කියුබාව අතර මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම ගැන හා කියුබානු කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ දිගුකාලීන් මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳ සාකච්ඡා විය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ක්‍රීඩා සහ ආපදා කළමනාකරණය සඳහා සහයෝගය ලබා දීමේ හැකියාව පිළිබඳ කියුබානු තානාපතිනිය විසින් ප්‍රකාශ කරන ලදී.එමෙන්ම දෙරටේ සංස්කෘතික සහයෝගිතාවය වර්ධනය කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.මෙහිදී ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා කියුබානු තානාපතිතුමියට ශ්‍රී ලංකාවේ දූත මෙහෙවර සාර්ථක කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සුබ පැතුම් පිරිනැමීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img