Friday, September 11, 2026
HomeNEWSජාතික නිවාස වැඩසටහනට රුපියල් මිලියන 44,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ජාතික නිවාස වැඩසටහනට රුපියල් මිලියන 44,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

වත්මන් රජයේ ජාතික නිවාස සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 44,000ක් වෙන් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පැලැන්වත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමේ අස්වැසුම ප්‍රතිලාභී නිවාස අහිමි පවුලකට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ “සුවපහසු නිවසක් – සවිබලැති පවුලක්” රන්විමන නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ නිවසක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, ජාතික නිවාස වැඩසටහන යටතේ නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් 30,000කට මෙම වසර තුළ නිවාස ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

ඒ සඳහා නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ඇතුළු රේඛීය අමාත්‍යාංශවල ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙම ජාතික නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පමණක් මෙම වසර තුළ නිවාස 1,000කට අධික ප්‍රමාණයක් ඉදිකිරීමට අපේක්ෂා කරන අතර, දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අවම වශයෙන් නිවාස තුන බැගින් ඉදිකිරීම එහි ඉලක්කය බවද ඒ මහතා සඳහන් කළේය.

තවද, මෙය හුදෙක් භෞතික නිවසක් ලබාදීමේ වැඩසටහනක් පමණක් නොව, අසල්වාසීන්, ඥාතීන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සාමූහික මැදිහත්වීම තුළින් ආදරය, දයාව සහ එකමුතුකම පිරි පවුල් ඒකකයක් ගොඩනැගීමේ සමාජීය වැඩසටහනක් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා, කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුම මහතා, කැස්බෑව ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මාධ්‍ය ඒකකය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img