Wednesday, September 23, 2026
HomeNEWSජීවන් තොණ්ඩමන්ගේ මංගල්‍යයේ අලුත්ම ඡායාරූප

ජීවන් තොණ්ඩමන්ගේ මංගල්‍යයේ අලුත්ම ඡායාරූප

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ගේ විවාහ උත්සවය අද (23) ඉන්දියාවේදී පැවැත්වුණා.ඒ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුපතූර් නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ උත්සව ශාලාවක සහ හින්දු කෝවිලකදීයී.මන්ත්‍රීවරයා විවාහ ගිවිස ගන්නේ ඉන්දියානු වෛද්‍යවරියක වන සීතායි ශ්‍රී නාච්චියාර් සමගයි.ඇය තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු නියෝජ්‍ය කථානායක වී.පී. දුරෙයිසාමි ගේ දියණියක්.මෙම විවාහ උත්සවයට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ ඇතුළු මෙරට සීමිත දේශපාලනඥයින් පිරිසකට ආරාධනා කර තිබෙනවා.ජීවන් තොණ්ඩමන්, වතුකරයේ නායකයෙකු වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ මුණුපුරා වන අතර, ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයෙකු ලෙස කටයුතු කළ දිවංගත ආරුමුගන් තොණ්ඩමන්ගේ එකම පුත්‍රයායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...

ඉදිරියේදී ඉන්ධන සහනාධාරයක්ද? මිල සංශෝධනයක්ද?

ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනාධාරයක් ලබාදීම හෝ මිල සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී....

‘සුභග’, ‘තාක්ෂණවේදය’ සහ ‘ සුජාත දියණි’ ශිෂ්‍යත්ව මුදල් වැඩි කිරීමට රජයේ අවධානය

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක 'සුභග', 'තාක්ෂණවේදය' සහ 'සුජාත දියණි' ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ ගෙවනු ලබන මුදල් සහ ශිෂ්‍යාධාර ලබන සිසුන් ප්‍රමාණය වැඩිකිරීමට රජයේ අවධානය යොමුව...

රජය තවත් IMF වැඩසටහනකට යයිද?

වත්මන් විස්තීරණ ණය පහසුකම් වැඩසටහන අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවත් වැඩසටහනක් සඳහා ඉල්ලුම් කරන්නේද යන්න තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකා රජය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img