Wednesday, September 23, 2026
HomeNEWSරජය තවත් IMF වැඩසටහනකට යයිද?

රජය තවත් IMF වැඩසටහනකට යයිද?

වත්මන් විස්තීරණ ණය පහසුකම් වැඩසටහන අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවත් වැඩසටහනක් සඳහා ඉල්ලුම් කරන්නේද යන්න තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකා රජය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ පවසයි.

ඔහු සඳහන් කළේ, වත්මන් IMF වැඩසටහන යටතේ තවත් සමාලෝචන දෙකක් අවසන් කිරීමට ඇති බවය.

ඒ අනුව, 7 වන සමාලෝචනය මේ වනවිට සාකච්ඡා කෙරෙමින් පවතින අතර, 8 වන සහ අවසන් සමාලෝචනය සිදුකිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

වත්මන් සමාලෝචන යටතේ ඉලක්ක කිහිපයක් සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන් සකස් කර ඇති අතර, ඒවා සම්පූර්ණ කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවද IMF දූත මණ්ඩල ප්‍රධානියා පැවසීය.

රජය නව IMF වැඩසටහනක් ඉල්ලා තිබේද යන්න සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, එය රජය අත්කර ගැනීමට අපේක්ෂා කරන අරමුණු සහ නව වැඩසටහනක අවශ්‍යතාව පිළිබඳ රජයේ තීරණය මත රඳා පවතින බවය.

විධිමත් IMF වැඩසටහනක් නොමැති අවස්ථාවකදී වුවද රටවලට සහාය ලබාදීම සඳහා IMF සතුව විවිධ ක්‍රමවේද පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර, වත්මන් 7 වන සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට පෙර එකඟ විය යුතු කරුණු කිහිපයක් පමණක් ඉතිරිව ඇති බවද එවන් පපර්ජියෝර්ජියෝ සඳහන් කළේය.

සැප්තැම්බර් 10 සිට 23 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරය අවසන් කිරීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් පළ කළේය.

සංචාරයේදී ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික වර්ධනයන්, විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ ප්‍රගතිය සහ 2026 වාර්ෂික උපදේශනයට අදාළ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, අඛණ්ඩ ආර්ථික කම්පන මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ...

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img