Wednesday, September 23, 2026
HomeNEWSLatest Newsට්‍රම්ප්ගෙන් වෙන්වුණු ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්.

ට්‍රම්ප්ගෙන් වෙන්වුණු ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්.

ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඊලොන් මස්ක් සිය නව දේශපාලන පක්ෂය නිවේදනය කර ඇතැයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිතුරෙකු වූ ඊලොන් මස්ක් පසුව දෙදෙනා අතර ඇතිවූ මතභේදයෙන් පසුව ට්‍රම්ප්ගෙන් වෙන් වූ අතර එහිදී ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සිය පරිශීලකයින්ගෙන් විමසීමක් සිදුකරනු ලැබුවේ එක්සත් ජනපදයට නව දේශපාන පක්ෂයක් තිබිය යුතුද යන්නය.එම සටහනට මත විමසුම් ලැබෙමින් පැවැති අවස්ථාවක මස්ක් ඊයේ (05) සිය X ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ “2 ට 1 ගුණයකින්, ඔබට නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය වන අතර ඔබට එය ලැබෙනු ඇත!” යනුවෙනි.ඒ අනුව ‘අමෙරිකානු පක්ෂය’ නමින් නව පක්ෂයක් දියත් කර ඇති මස්ක් එහිදී සඳහන් කර ඇත්තේ අමෙරිකානුවන්ගේ යහපත් අනාගතයක් වෙනුවෙන් මෙන්ම නිදහස නැවත ලබා දීමට තමන් මෙලෙස නව පක්ෂයක් ආරම්භ කළ බවය.”අපේ රට නාස්තියෙන් හා දූෂණයෙන් බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ගත් කල, අප ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක නොව එක පක්ෂ ක්‍රමයක ය. අද, ඔබේ නිදහස ඔබට නැවත ලබා දීම සඳහා ඇමරිකානු පක්ෂය පිහිටුවා ඇත.” යනුවෙන් මස්ක් සිය X ගිණුමේ සටහන් කර තිබේ.කෙසේ වෙතත් මස්ක්ගේ පක්ෂය එක්සත් ජනපද මැතිවරණ බලධාරීන් සමග විධිමත් ලෙස ලියාපදිංචි කර තිබේද යන්න මෙතෙක් වාර්තා වී නැති අතර ඔහු එක්සත් ජනපදයෙන් පිටත උපත ලැබූ නිසා එක්සත් ජනපද ජනාධිපති ධුරයට තරග කිරීමට සුදුසුකම්ද ලබා නොමැත.ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකාවට ගෙන එන ලද නව බදු පනත සම්බන්ධව විවේචන ඉදිරිපත් කිරීම හේතුවෙන් දෙදෙනා අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වූ අතර එහිදී ඊලොන් මස්ක් විසින් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කළේය.එහිදී ට්‍රම්ප්ගේ අදාළ පනත් කෙටුම්පතට සහාය දුන් නීති සම්පාදකයින් නෙරපා හැරීම සඳහා තමන් මුදල් වියදම් කරන බවත් මස්ක් මීට පෙර පවසා තිබුණි.කෙසේ වෙතත් දෙදෙනා අතර මතුව ඇති මෙම දැඩි මතභේදාත්මක තත්ත්වය හමුවේ ට්‍රම්ප් විසින් පසුගියදා තර්ජනය කරන ලද්දේ ඊලෝන් මස්ක්ගේ සමාගම්වලට ෆෙඩරල් රජයෙන් ලබා දෙන ඩොලර් බිලියන ගණනක සහනාධාර කපා හරින බව පවසමිනි.එමෙන්ම මස්ක්ගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමටද ට්‍රම්ප් සූදානමින් සිටින බවද මින් පෙර වාර්තා වී තිබුණි.කෙසේ වෙතත් දෙදෙනා අතර මතුවන මෙම ආරවුල 2026 වසරේදී මධ්‍යකාලීන කොංග්‍රස් මැතිවරණයේදී ඔවුන්ගේ බහුතරය ආරක්ෂා කර ගැනීමේ අවස්ථාවට හානි සිදුවිය හැකි බවට මේ වන විට ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ පිරිස් කනස්සල්ල පළ කර තිබේ.මෑතක් වන තුරුම මස්ක් ට්‍රම්ප්ගේ ප්‍රධාන ආධාරකරුවෙකු වූ අතර, පසුගිය වසරේ මැතිවරණ රැලිවලදී ඔහු නිතර දක්නට ලැබුණි.එමෙන්ම ට්‍රම්ප්ගේ මැතිවරණයේදී ප්‍රධාන මූල්‍ය ආධාරකරුද වූ මස්ක් ට්‍රම්ප් නැවත ජනාධිපති ධුරයට පත්වීමට උපකාර කිරීම සඳහා අමරෙිකානු ඩොලර් මිලියන 250ක් විදයම් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ...

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img