Sunday, November 15, 2026
HomeNEWSඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ කරුණු දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාසේන මහත්මිය මේ බව සඳහන් කළාය.

වෙළෙඳපොළේ පවතින පොල්තෙල්වලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බව ඇය පැවසුවාය.

ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් දැනටමත් සකස් කර ඇති අතර, එය ඉදිරියේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද සමන්තා කරුණාසේන මහත්මිය සඳහන් කළාය.

යෝජිත නව අවශ්‍යතා යටතේ ඇසුරුම් කර අලෙවි කරන පොල්තෙල්වල නිෂ්පාදනයේ නම, බර, කල් ඉකුත්වීමේ දිනය, කාණ්ඩ අංකය සහ නිෂ්පාදකයාගේ තොරතුරු ඇතුළු අත්‍යවශ්‍ය ලේබල් තොරතුරු සඳහන් කළ යුතු වේ.

එමෙන්ම, දේශීය වෙළෙඳපොළේ අලෙවි වන පොල්තෙල්වල අවශ්‍ය ගුණාත්මක ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ එක්ව කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එකම වේදිකාවට ගෙන ඒමට දිලිත් ජයවීර GLEC අරඹයි

ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් එකම ඩිජිටල් වේදිකාවකට ගෙන එන Global Lankan Entrepreneur Club හෙවත් GLEC ඩිජිටල් වේදිකාව එළිදැක්වීම අද...

උද්ධමනය ඉතා ඉහළයි.. ජීවත්වීම සඳහා 100%ක වැටුප් වැඩිවීමක් අත්‍යවශ්‍යයි- පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය

2027 වසරට අදාළ අයවැය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය ප්‍රකාශ කරන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද ( 2026 නොවැම්බර් 15 ) දින පෙරවරු 11.00ට නුගේගොඩදී...

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img