Thursday, September 10, 2026
HomeNEWSටැන්සානියාවේ විරෝධතා.. 700ක් මරුට

ටැන්සානියාවේ විරෝධතා.. 700ක් මරුට

ටැන්සානියාවේ දින 3ක් පුරා පැවැත්වෙන මැතිවරණ විරෝධතා හේතුවෙන් එරට පුද්ගලයින් 700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එරට ප්‍රධාන විරුද්ධ පක්ෂය පවසයි.විදෙස් වාර්තා සඳහන් කළේ, මේ වනවිට ටැන්සානියාවේ අන්තර්ජාල සබඳතා අවහිර කර ඇති බවය.ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බව එහි සඳහන්.ඉකුත් ඔක්තෝබර් 29වනදා පැවති එරට ජනාධිපතිවරණයේ අක්‍රමිකතා සිදු වූ බවට චෝදනාකරමින් මෙම විරෝධතා පැවැත්වේ.පාලක රජය විසින් ප්‍රධාන විපක්ෂ නායකයින් මර්දනය කර ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කරන බව විරෝධතාකරුවන් පවසයි.නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා මේ වනවිට ටැන්සානියාවට ඇඳිරි නීතිය පනවා තිබේ.මේ අතර බ්‍රිතාන්‍ය, කැනඩාව සහ නෝර්වේ විදේශ අමාත්‍යවරු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් උපරිම සංයමයකින් ක්‍රියාකරන ලෙස සහ ප්‍රකාශනයේ නිදහසට ගරු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img