Thursday, September 24, 2026
HomeNEWSත්‍රී රෝද රථවල ගාස්තුවල වැඩිවීමක් ඉල්ලයි

ත්‍රී රෝද රථවල ගාස්තුවල වැඩිවීමක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ පෙට්‍රල් මිලෙහි රුපියල් 12ක මිල වැඩිවීමක් සිදුව ඇති බැවින් මෙම ගාස්තු සංශෝධනය සිදුකළ යුතු බවය.

ත්‍රීරෝද රථ ගාස්තු සැකසීම බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් සිදුකරන බැවින් ඉන්ධන මිලෙහි ඉහළ යාම සලකා දැනට දෙවැනි කිලෝමීටරයට අයකරන රුපියල් 90ක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට පියවර ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

මේ වන විට පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100ක මුදලක් සහ දෙවැනි කිලෝමීටරය සඳහා රුපියල් 90ක් ලෙස ගාස්තු අයවෙන බැවින් දෙවැනි කිලෝමීටරය සඳහාද ගාස්තුව රුපියල් 100ක් ලෙස ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවත් ඒ වෙනුනේ පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ඒ මහතා මෙහිදී පැවසුවේය.

එමෙන්ම ත්‍රීරෝද රථ හිමියන් සිය කර්මාන්තය සිදුකරගෙන යාමේදී ඉන්ධන සීමාවන් හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්වන බැවින් ඉන්ධන කොටාව ඉහළ නංවන ලෙසද ඒ මහතා මෙහිදී ඉල්ලීමක් කළේය.

“අපි දෛනිකව උපයන දෙයින් තමයි ලීසිං, ෆිනෑන්ස් ආයතනවලට ගෙවන්නේ, එතකොට මේ ඔක්කොම හිරවුණායින් පස්සේ මේ කර්මාන්තයේ නියුතු අය කොහේටද යන්නේ, ඇයි මේ රජයට මේ පිළිබඳව හිතන්න බැරි ? අපි වෙන දෙයක් ඉල්ලන්නේ නෑ මේ විදිහට හරි අඩුම තරමේ සතියකට ඉන්ධන ලීටර් 30ක් අපිට දෙන්න කියන සාධාරණ ඉල්ලීම අපි කරන්නේ. ආණ්ඩුවට කරන්න බැරි දේවල් පවා සමහර ත්‍රීරෝද රථ සංගම්කාරයෝ ටිකක් ඇවිල්ලා කියනවා. දවසට කිලෝමීටර් 200-300 දුවනවයි කියලා හෙන පච කෙලලා ලීටර් 20ක් දවසට ඉල්ලනවා. අපිට එහෙම බොරු කියන්න අවශ්‍යතාවයක් නෑ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහි සජබ විරෝධය අද(24)

ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේදී...

ආණ්ඩුවට එරෙහිව හෙට(24) පැවැත්වෙන විරෝධතාවයෙන් FOC ඉවත්වෙයි

මාධ්‍ය ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ පුළුල් මහජන පෙළගැස්ම සහ ඉදිරි ක්‍රියාමාර්ගය නිදහස් සටන් මධ්‍යස්ථානය ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත...

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ...

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img