Monday, September 14, 2026
HomeNEWSධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්
රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි හිල්ටන් හෝටලයේ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු ප්‍රකාශ කර ඇත.

විමර්ශන නිලධාරීන් හමුවේ ඔහු මේ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු එරට රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් පැවති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ වාර්ෂික රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුර එම ස්ථානයට කඩා වැදුණු පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබුණි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා ඇතුළු පිරිස ආරක්ෂිතව ඉවත් කරගැනීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබූ අතර පසුව වෙඩික්කරු අත්අඩංගුවට ගනු ලැබීය.

වෙඩික්කරු 31 හැවිරිදි කැලිෆෝනියාහි පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති ඔහු විසින් වෙඩි ප්‍රහාර 5ත් 8ත් අතර සංඛ්‍යාවක් සිදුකර ඇති බව ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එමෙන්ම අදාළ සැකකරු ඉහළ අධ්‍යාපනයක් ලැබූ උපකාරක පන්ති ගුරුවරයෙකු සහ ආධුනික වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවෙකු බව වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img