Friday, September 11, 2026
HomeNEWSනව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් සහෝදරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර විශේෂ හමුවක් ඊයේ (31) පස්වරුවේ පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

පසුගිය අගෝස්තු 25 වන දින සිය අක්තපත්‍ර භාරදුන් නව තානාපතිවරයා, මෙරටට පැමිණි අවස්ථාවේ සිට ශ්‍රී ලාංකික ජනතාවගෙන් තමන්ට ලැබුණු උණුසුම් පිළිගැනීම අගය කළ අතර, ශ්‍රී ලංකාවේදී තමන්ට කිසිදු ආගන්තුක බවක් නොදැනුණු බවත් සිය ධුර කාලය තුළ දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවත් මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීගුකාලීන මිත්‍රත්වය හා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට එලඹෙණ වසරේදී, වසර 70ක් සපිරීම මෙන්ම, 1952 අත්සන් තැබූ ඓතිහාසික චීන-ශ්‍රී ලංකා රබර්-සහල් ගිවිසුමට වසර 75ක් සම්පූර්ණ වීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

නව රජය යටතේ ක්‍රියාත්මක වන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සහ ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීම අරමුණු කරගත් ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, දරිද්‍රතාවය තුරන් කිරීමේදී චීනය ලබා ඇති අත්දැකීම් ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් ලෙස යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදි අදහස් හුවමාරු විය.

චීනය වෙනත් රටවල් සමඟ කටයුතු කරන්නේ අදාළ රටවල ස්වෛරීත්වයට ගරු කරමින් සහ අන්‍යෝන්‍ය සංවර්ධනය අපේක්ෂාවෙන් බව තානාපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙත වැඩි ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට චීන ආයෝජකයන් දිරිමත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂය ලබාදෙන නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ සංවර්ධන මාර්ගය නිසා තමන් වැනි දුෂ්කර ග්‍රාමීය පසුබිමක සිටි අයෙකුට පවා රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු දක්වා පැමිණීමට අවස්ථාව හිමිවූ බව තානාපතිවරයා මෙහිදී තම පෞද්ගලික අත්දැකීම් බෙදාගනිමින් පැවසිය.

දෙරට අතර පවතින මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාව පළ කළ අතර, මෙම අවස්ථාව සඳහා චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ උපදේශක මෙයි ජින්ග්, දේශපාලන අංශයේ චින් ලිගොන්ග්, තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ජින් එන්සේ යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරිහු පිරිසක්ද ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර අංශයෙ නීතිඥ කල්පනා මධුභාෂිණී සහෝදරියද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img