Friday, September 11, 2026
HomeNEWSනව ව්‍යවස්ථාව ගැන සාකච්ඡාවට ආණ්ඩුවේ නියෝජනයක් නෑ

නව ව්‍යවස්ථාව ගැන සාකච්ඡාවට ආණ්ඩුවේ නියෝජනයක් නෑ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා වූ බහු පාර්ශවීය සාකච්ඡාවක් කොළඹ ජානකී හෝටලයේදී පැවැත්විණි.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්,නීති විශාරදයින්,ව්‍යවස්ථා විශාරදයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.මෙම බහු පාර්ශ්වීය සාකච්ඡාව සංවිධානය කරන ලද්දේ onetext initiative ආයතනය විසිනි.සහභාගි වූ පිරිස. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා.පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා.පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා.පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා.පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා.පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ශ්‍රීනාත් මහතා.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ,ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතා.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මහතා.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන මහතා.අධි නීතිඥ ලාල් විජේනායක මහතා.ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය.නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා.නීතිඥ සමන් සේනාධීර මහතා.ආචාර්ය අතුල සිරි සමරකෝන් මහතා.ධම්ම දිසානායක මහතා.හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා.ආචාර්ය විරංජන හේරත් මහතා.මාධ්‍යවේදී සුනිල් ජයසේකර මහතා.මෙම අවස්ථාවට රජය පාර්ශ්වයෙන් ආරාධනා කර තිබූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,අමාත්‍යවරුන් වන බිමල් රත්නායක සහ හර්ෂන නානායක්කාර සහභාගී වී නොසිටීම විශේෂත්වයක්.ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකු වන අධි නීතිඥ ලාල් විජේනායක මහතා සහභාගි වී සිටියේය.මෙම ක්‍රියාවලිය සඳහා ආණ්ඩු පාර්ශවයේ නියෝජිතයින් කැඳවා ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගත යුතු බවත්,ඔවුන් එසේ සම්බන්ධ නොවුවද මෙම ක්‍රියාදාමය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන ගොස් එය රජයට ඉදිරිපත් කළ හැකි බවත් සහභාගි වූ සියලු පාර්ශ්ව පවසන ලදී.යම් හෙයකින් ආණ්ඩුව විසින් සාධනීය ආකාරයකින් නව ආණ්ඩුක්‍රම අවස්ථාවක් සම්පාදනය කරනු ලැබුවහොත් ජාතික යුතුකමක් සේ ඊට සහාය දක්වනවා සේම,රටට පිළිගත නොහැකි ආකාරයේ ව්‍යවස්ථාවක් සම්පාදනය වුවහොත් ඊට එරෙහිව සියලු පාර්ශව ඒකාබද්ධ ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ විය යුතු බවටත් මෙම සාකච්ඡාවේදී එකඟතාවයට පත් වූහ.මෙම අවස්ථාවට රජය පාර්ශ්වයෙන් ආරාධනා කර තිබූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,අමාත්‍යවරුන් වන බිමල් රත්නායක සහ හර්ෂන නානායක්කාර සහභාගී වී නොසිටීම විශේෂත්වයක්.ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකු වන අධි නීතිඥ ලාල් විජේනායක මහතා සහභාගි වී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img