Tuesday, September 8, 2026
HomeNEWSනාමල්ගෙන් විජේට සුබ පැතුම්!

නාමල්ගෙන් විජේට සුබ පැතුම්!

විජේට සුභ පැතුම් එක් කළ නාමල්ගේ X සටහන දැඩි කතාබහකටදකුණු ඉන්දීය සිනමා තරුවක් වන තලපති විජේ ශ්‍රී ලංකා විරෝධී දේශපාලන මතයන්ගෙන් යුතුව ක්‍රියා කරන බවට විවේචන පවතින අතර, ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් සුභ පැතුම් එක් කර ඇත.නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය නිල X (Twitter) ගිණුම හරහා සටහනක් තබමින්, තලපති විජේ තම ප්‍රියතම රංගන ශිල්පියෙකු බව සඳහන් කර ඇත. විජේගේ සිනමා ගමන සහ රිදී තිරයට ගෙන ආ ශක්තිය විශේෂ හා අමතක නොවන බවද ඔහු එහිදී පෙන්වා දී ඇත.තලපති විජේ මෙම පරිච්ඡේදය අවසන් කර නව ගමනකට පිවිසෙන අවස්ථාවේ, සිනමා ක්ෂේත්‍රයට ඔහුගේ පැමිණීම සහ ජවය අහිමි වනු ඇති බවත්, ඉදිරි කටයුතු සඳහා සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කර තිබේ.ඔහුගේ දේශපාලන මතය විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානය පිළිබඳ මතය මාගේ මතයට විරුද්ධ වුවත්“තලපති විජේ සැමවිටම මගේ ප්‍රියතම රංගන ශිල්පියෙක්. ඔහුගේ සිනමා ගමන සහ ඔහු රිදී තිරයට ගෙන ආ ශක්තිය සැබවින්ම විශේෂ සහ අමතක නොවන ඒවා වේ. ඔහු මෙම පරිච්ඡේදය අවසන් කර නව ගමනකට පිවිසෙන විට, සිනමාවට නිසැකවම ඔහුගේ ජවය මගහැරෙනු ඇත. ඔහුට සාර්ථකත්වය සහ ඉදිරි සෑම දෙයකටම සුබ පැතුම්.” ලෙස නාමල් රාජපක්ෂ පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img