Monday, October 12, 2026
HomeNEWSනාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකී.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ ප්‍රධානත්වයෙන් මේ මස 12 වැනි දින අනුරාධපුර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැලිය කඩාකප්පල් කිරීමට බව ඉතාම පැහැදිලිය.

ජාතික ජන බලවේගය (මාලිමාව) නායක අනුර කුමාර දිසානායක මහතාට රට වටා ගොස් රැස්වීම් පැවැත්වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට ද තිබෙන බව පිළිගත යුතුය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම උදුරා ගැනීම නූතන ශිෂ්ඨ සම්පන්න සමාජය කිසිලෙසකින්වත් අනුමත නොකරයි. විශේෂයෙන්ම නූතන Gen – Z පරපුර මෙවැනි ක්‍රියා දෙස බලන්නේ දැඩි හිරිකිතියකිනි.

මාලිමා ආණ්ඩුවේ මෙවැනි ක්‍රියා මගින් දිනෙන් දින පිරිහෙන ජනතා සහාය හමුවේ රජය වඩාත් අසරණ වීමද පෙන්නුම් කරයි. අත්අඩංගුවට ගැනීම් තුළින් ජනතා නායකයින්ට තිබෙන ප්‍රසාදය නැති කළ නොහැකි බව රජයට දැඩිව අවධාරණය කර සිටිමු.

මාධ්‍ය අංශය

එක්සත් ජාතික පක්ෂය

2026 සැප්තැම්බර් 04

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හූති කැරළිකරුවන්ගෙන් තවත් ප්‍රහාරයක්

රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හූති කැරළිකරුවන් විසින් එල්ල කළ තවත් ප්‍රහාරයකින්, එක් අයෙකු මිය ගොස් 11 දෙනෙකුට තුවාල: විදෙස් මාධ්‍ය.-

අපේ ප්‍රතිපත්තිය සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දීමයි – විපක්ෂ නායක සජිත්

අපේ ප්‍රතිපත්තිය සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දීමයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බුද්ධ ශාසනයට සහ බුදු සසුනට මුල් තැන ලබා දීම සමගි ජන...

යේමනය බලා සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළු 109 දෙනෙකු මරැට

ජිබුටි සිට යේමනය බලා සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළු 109 දෙනෙකු මරැට, 116 දෙනෙකු අධික පිරිසක් අතුරුදහන්: විදෙස් මාධ්‍ය.

ලබන ජනවාරි සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරනවා-ජනපති නිකවැරටියේදී කියයි

නිකවැරටිය ජනරැලිය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ කතාව 2026.10.11 අපි ආණ්ඩුව හදලා අවුරුදු දෙකක් වෙනවා. මේ ආණ්ඩු හැදුවේ මේ රටේ ජනතාව. මීට කලින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img