Tuesday, September 22, 2026
HomeNEWSපාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම ගැන සජිත් ඉන්දීය කථානායකවරයා සමග සාකච්ඡා කරයි

පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම ගැන සජිත් ඉන්දීය කථානායකවරයා සමග සාකච්ඡා කරයි

*පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා ලෝක් සභා කථානායක ඕම් බිර්ලා මහතා හමුවෙයි*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුර පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියට අදාළ හොඳම භාවිතයන් බෙදා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් සුවිශේෂ වටිනා සාකච්ඡාවක් සඳහා ඉන්දීය ලෝක් සභා කථානායක ඕම් බිර්ලා මහතා හමුවිය.ආයතනික වෘත්තීයභාවය වැඩි දියුණු කිරීම, ව්‍යවස්ථාදායකයට අදාළ පර්යේෂණ ශක්තිමත් කිරීම සහ පාර්ලිමේන්තු තුළ තරුණ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව නායකයින් දෙපළ අතර අදහස් රැසක් මෙහි දී හුවමාරු විය. ව්‍යුහගත හුවමාරු, අධ්‍යයන චාරිකා සහ ධාරිතා ගොඩනැගීම වැනි මුලපිරීම් හරහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක් සභාව අතර සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට එහි දී ඔවූහු එකඟ වූහ.ප්‍රජාතන්ත්‍රවාදය, විනිවිදභාවය සහ පාර්ලිමේන්තු අඛණ්ඩතාවයේ වටිනාකම් සඳහා දෙරටේම බෙදාගත් කැපවීම මෙම රැස්වීමේදී අවධාරණය කෙරිණි. මෙම සාකච්ඡාවලින් පසුව ලෝක් සභා සංකීර්ණයේ නව කථානායක කාර්යාලයේ සංචාරයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ආරාධනා ලැබුණි. එහි දී අති නවීන පහසුකම් සහ සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට ලක් වූ කඩදාසි රහිත පාර්ලිමේන්තු මෙහෙයුම් පද්ධතිය, නවීකරණය වූ ව්‍යවස්ථාදායක පාලනය සහ කාර්යක්ෂමතාව පිළිබඳ ආකෘතියක් ද දැකගත හැකි විය.https://youtu.be/giqyI6iFcys?si=2gRBedyOtvt98GiL

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img