Thursday, September 24, 2026
HomeNEWSපාසැල් සිසුවියන් අතර ගැබ් ගැනීම් ඉහළට

පාසැල් සිසුවියන් අතර ගැබ් ගැනීම් ඉහළට

මෑත කාලීනව පාසල් දැරිවියන් අතර ගැබ් ගැනීම් ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පවසයි.අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය පැවසුවේ පාසල් දැරිවියන් ගැබ් ගැනීම ඉහළ යාම මෙන්ම පාසල් මව්වරුන් ප්‍රමාණයද ඉහළ යාමක් පෙන්නුම් පෙන්නුම් කරන බවය.මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමගද සාකච්ඡා කර නව යොවුන් දැරිවියන් සහ නව යොවුන් පාසල් දරුවන්ට ලිංගිකත්වය සම්බන්ධව වඩාත් හොඳ පැහැදිළි අවබෝධයක් ලබා දීමට අවධානය යොමු වී ඇතැයිද අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය,”මෑතකදි ගත්තොත් අපේ පාසල් යන වයසේ දරුවන්ගේ ගැබ් ගැනීම් ප්‍රමාණය ඉතාමත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පාසල් මව්වරුන්ගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. වයස 18ට අඩු දරුවන් ගැබ් ගැනීම නිසා මේ වින්දිතභාවයට පත්වන දරුවන්ගේ සංකූලතා පවා තිබෙනවා. මේ තත්ත්වයන් එක්ක ඉදිරි සමාජයේදී මව්පිය රැකවරණය අහිමි නොයෙකුත් සංකූලතාවන්ට මුහුණ දෙන ඒ වගේම අත්හල සහ අනාත දරුවන් බිහිවීම වළක්වා ගැනීම සඳහා තමයි අපි රජයක් හැටියට කටයුතු කරන්නේ. අපි අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා මේ නව යොවුන් දැරිවියන්ට, නව යොවුන් පාසල් දරුවන්ට ලිංගිකත්වය සම්බන්දව හොඳ පැහැදිලි අවබෝධයක් ලබා දිය යුතුයි කියන එක. මේ ලොකේට දරුවෙකු බිහි කරාට පස්සේ ඒකේ පූර්ණ වගකීම ගැහැණියකට, කාන්තාවකට විතරක් නෙමේ තියන්නේ හැබැයි සමාජයේ අනාත හෝ අත්හල දරුවෙකු හැටියට දාලා යන එකේ පාපය, සාපය හා සමාජ දෝශාරෝපණය සහ වින්දිතභාවට පත්වෙන්නේ ගැහැණියකට, දරුවෙකුට ඒ නිසා ඔබට දෙන්න තියන පළවෙනි උපදේශය තමයි ඔබට සබඳතා පවත්වන්න පුළුවන් නමුත් ඔබට වගකීම් සහගතව පවුල් බැඳියාව තුළ දරුවෙකු බිහිකරන්න නොහැකි නම් ගර්භාෂයට ආවට පස්සේ කළලය නැති කිරීම සාපරාධි මනුෂ්‍ය ඝාතනයක් වෙනවා. ඒ නිසා ගැබ් ගැනිම වළක්වා ගැනීමට හැකි විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන්න ඒ හැර මේ දරුවන් අනාත හෝ අත්හලභාවයට පත් කරලා වින්දිත දරුවන් හැටියට සමාජයට අතහැර දමන්න එපා..”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවට එරෙහිව හෙට(24) පැවැත්වෙන විරෝධතාවයෙන් FOC ඉවත්වෙයි

මාධ්‍ය ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ පුළුල් මහජන පෙළගැස්ම සහ ඉදිරි ක්‍රියාමාර්ගය නිදහස් සටන් මධ්‍යස්ථානය ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත...

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ...

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img