Friday, September 11, 2026
HomeNEWSLatest Newsපිල්ලෙයාන්ගේ සමීපතමයෙකු රහස් පොලිසියේ අත්අඩංගුවට.

පිල්ලෙයාන්ගේ සමීපතමයෙකු රහස් පොලිසියේ අත්අඩංගුවට.

TMVP පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක නැගෙනහිර පළාත් සභාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනිය භාරතී අත්අඩංගුවට ගෙන තිබේ.නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් 2006 දෙසැම්බර් 15 වන දින කොළඹදී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට, දෙමළ ජනතා විමුක්ති කොටි සංවිධානයේ නායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පසුගිය අප්‍රේල් 8 වන දින මඩකලපුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 03ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.පිල්ලෙයාන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ කරුණු මත ඉනිය භාරතී හෙවත් කුමාරස්වාමි පුෂ්පකුමාර් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.කලක් LTTE සංවිධානයේ ඉදිරි පෙළ නායකයෙකු ලෙස කටයුතු කළ ඉනිය භාරතී පසුව කරුණා අම්මාන් සමග LTTE සංවිධානය අතහැර පැමිණි අයෙකු වේ. මේ අතර 2005 සහ 2009 අතර කාලය තුළ තිරුක්කෝවිල් සහ විනයාගපුරම් ප්‍රදේශවල පුද්ගලයින් කිහිප දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ‘ඉනිය භාරතීට චෝදනා කර ඇති අතර ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කර තිබීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img