Tuesday, September 8, 2026
HomeNEWSපොලීසියෙන් බැලුම් පුම්බවලා මගේ වරප්‍රසාද කඩ කළා- දිලිප් පාර්ලිමේන්තුවේදී කියයි

පොලීසියෙන් බැලුම් පුම්බවලා මගේ වරප්‍රසාද කඩ කළා- දිලිප් පාර්ලිමේන්තුවේදී කියයි

තමා කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තමාට බැලුන් පුම්බන්න දුන් බවත් එහිදී තමන් මත්පැන් පානය කර සිටි බවට එම පරීක්ෂණයේදී තහවුරු නොවූ බවත් මේ හේතුවෙන් තමාගේ වරප්‍රසාද බරපතල ලෙස උල්ලංඝනය වී ඇති නිසා අදාළ පොලිස් නිලධාරීන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස සමගි ජනබලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය. පසුගිය 06 වැනි දා රාත්‍රී 11.00ට පමණ තමා බිරිඳ සහ පුතා සමග කොටුව දුම්රිය ස්ථානය අසලින් පැමිණෙමින් සිටියදී පොලිස් නිලධාරීන් රථය නවත්වා පරික්ෂා කළ බවත් තමා බීමතින් සිටින බවට පොලිසිය චෝදනා කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. තමා බීමතින් නොසිටින බවත් තමා බීමත්ව රිය පදවීම නොකරන බවත් පොලිසියට කෙතරම් පැහැදිලි කළත් ඔවුන් එය පිළිනොගත් බවත් තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී හැඳුනුම්පත ඉදිරිපත් කළ ද පොලිසියට එය ගණන් නොගෙන තමාට බැලුම් පිම්බවීමට කොටුව පොලිසියට රැගෙන ගිය බවද දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙන ලදී.තමාට බැලුම් පිම්බ වීමේ පරීක්ෂණය සිදුකළ බවත් එහිදී තමන් බීමත්ව නොසිටින බවට පැහැදිලි වූ බවත් තමන් බීමතින් නොසිටින බව කෙතරම් ප්‍රකාශ කළද පොලිසිය එය ගණන් නොගැනීමෙන් පෙන්නුම් කරන්නේ දේශපාලන වශයෙන් තමන්ගෙන් කරන ලද පළිගැනීමක් බවත් මෙම කාරණය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට යොමු කරන ලෙසත් දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img