Friday, September 11, 2026
HomeNEWSබංග්ලාදේශය යළිත් ගිනි ගනී

බංග්ලාදේශය යළිත් ගිනි ගනී

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි නමැත්තාගේ ඝාතනයෙන් පසු බංග්ලාදේශයේ යළි ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් උද්ගතවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.පසුගිය සතියේ ඩකාහි මුස්ලිම් පල්ලියකින් පිටව යමින් සිටියදී නාදුනන වෙඩිකරුවෙකුගේ ප්‍රහාරකට හාඩි ලක්විය.එහිදී බරපතළ තුවාල ලැබූ ඔහු සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (18) මරණයට පත්ව තිබේ.2024 අරගලයෙන් පසු බංග්ලාදේශය මැතිවරණය සඳහා දිනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසුව මෙම වෙඩිතැබීම සිදුවීම සුවිශේෂීය.ඔහු එහිදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරගකිරීමට තීරණය කර තිබූ බව සඳහන්.ඒ අනුව ඔහුගේ මරණය පිළිබඳ පුවත පළ වූ විට, ඔහුගේ ආධාරකරුවන් සිය ගණනක් ඩකා අගනුවරට රැස්ව මෙම විරෝධතා ආරම්භ කර කිබේ.අනතුරුව ඔවුන් බංග්ලාදේශ ප්‍රධානම පුවත්පත් වන ‘ද ඩේලි ස්ටාර්’ සහ ‘ප්‍රෝතොම් අලි’ කාර්යාලවලට දැඩි ලෙස හානිකර, ඉන් එක් ගොඩනැගිල්ලකට ගිනිතබා තිබේ.සිද්ධිය වූ ස්ථානයට ආරක්ෂක අංශ යොදවා ඇති අතර, ගිනිනිවන භටයින් ගොඩනැගිල්ල තුළ සිරවී සිටි මාධ්‍යවේදීන් බේරාගෙන ඇත.32 හැවිරිදි හාඩි, ඉන්කිලාබ් මන්චා නම් ශිෂ්‍ය විරෝධතා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ අතර, අසල්වැසි ඉන්දියාව ප්‍රසිද්ධියේම දැඩි ලෙස විවේචනය කළ අයෙකු බව සඳහන්. බංග්ලාදේශ භාරකාර රජයේ ප්‍රධානියා වන නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්, හාඩිගේ මරණය “සිට රටට ආපසු හැරවිය නොහැකි පාඩුවක්” ලෙස හඳුන්වා තිබේ.මෙම වෙඩිතැබීම සැලසුම් සහගත ප්‍රහාරයක් බවත්, කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ මැතිවරණය අඩපණ කිරීමත් ඔහු පවසයි.එමෙන්ම අන්තර්කාලීන රජය හෙට (20) දිනය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර ඇත.කෙසේ නමුත් මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.සති ගණනක් පැවති ශිෂ්‍ය විරෝධතාවලින් පසුව, වසර 15ක් පුරා පැවති ඒකාධිපති පාලනය අවසන් කරමින් හසීනා පසුගිය වසරේ අගෝස්තු 5 වන දින ඉන්දියාවට පලා ගියාය.කෙසේ නමුත් මෙම අරගලයෙන් දහසකට අධික සංඛ්‍යාවක් මරණයට පත්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img