Tuesday, September 8, 2026
HomeNEWSමහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබෙන බව මල්වතු නාහිමියන් පැවසූවා- දිනන දකුණ

මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබෙන බව මල්වතු නාහිමියන් පැවසූවා- දිනන දකුණ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම පිළිබඳ ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවට මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් පැවසූ බව දිනන දකුණ සාමූහිකය අද (08) ප්‍රකාශ කළා.

ඒ, අද පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නා හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ද ප්‍රකාශ කළේ, අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවට මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් තමන්ට පැවසූ බවයි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ඊයේ ප්‍රකාශයට පත් කළ අතර, එමගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාමික වයස අවුරුදු 67 දක්වා වැඩි කර තිබුණා.

එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ වයස අවුරුදු 65 දක්වා වැඩි කිරීමටයි යෝජිත වී ඇත්තේ.

අගවිනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 67 හෝ ධුරය දරණ කාලය අවුරුදු 06 ක් සම්පූර්ණ වන දිනය හෝ එම දින දෙකෙන්, කළින් එළඹෙන දිනය ලෙස සලකන බව කෙටුම්පතේ දක්වා තිබෙනවා.

මීට අමතරව, අභියාචනාධිකරණය සඳහා පත්කළ හැකි විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීමටත් පනත් කෙටුම්පත මගින් යෝජිත වී තිබෙනවා.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහිදී සිදු විය.

නීතිඥ ශිරාල් ලක්තිලක,ජනාධිපති නීතිඥමෛත්‍රී ගුණරත්න, රවී කුමුදේශ් ඇතුළු පිරිසක් මේ සඳහා සම්බන්ධ වූහ.

මේ සම්බන්ධයෙන් මල්වතු මහ නා හිමියන් දැනුවත් කිරීම සඳහා දිනන දකුණ සාමූහිකය, ෆ්‍රී ලෝයර්ස් සංවිධානය, ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය ඇතුළු බහුජන සංවිධාන මෙන්ම, වෘත්තීය සමිති රැසක් පැමිණියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img