Monday, September 21, 2026
HomeNEWSමහා පරිමාණ ආයෝජනවලට වියට්නාමය සූදානම් බව ජනපතිට දැනුම් දෙයි

මහා පරිමාණ ආයෝජනවලට වියට්නාමය සූදානම් බව ජනපතිට දැනුම් දෙයි

ජනපති සහ වියට්නාමයේ රොක්ස් සමූහයේ ප්‍රධානීන් අතර හමුවක්ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ අයෝජනයට සූදානම්- වියට්නාමයේ රොක්ස් සමූහයජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාමයේ ROX සමූහයේ උපදේශක මණ්ඩලයේ සභාපති සහ සමුද්‍රීය වාණිජ ඒකාබද්ධ කොටස් බැංකුවේ (MSB) සභාපති ට්‍රන් අන් තුවන් (Tran Anh Tuan) මහතා ඇතුළු නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ පැවැත්විණි. ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවතින ස්ථාවරත්වය සහ ආයෝජකයින්ට හිතකර පරිසරය සැලකිල්ලට ගනිමින් මෙරට ආයෝජනය කිරීමට සූදානම් බව රොක්ස් සමාගමේ නියෝජිතයෝ මෙහිදී පැවසූහ. ඒ අනුව මෙරට කාර්මික කලාපයක් ස්ථාපිත කිරීම සඳහා රජයේ සහයෝගය අපේක්ෂා කරන බව ඔවුහු සඳහන් කළහ. එසේම පුනර්ජනනීය බලශක්ති සහ දේපළ වෙළඳාම් යන ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බවද ඔවුහු ජනාධිපතිවරයා හමුවේ පැවසූහ. ඊට අදාළ කටයුතු සඳහා භූමිය හඳුනා ගැනීම සහ අවශ්‍ය ආයතනික සහාය ලබා ගැනීම වෙනුවෙන් මෙම සංචාරයේ නිරත වන බව ඔවුහු සඳහන් කළහ. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ දූෂණයෙන් තොර පරිසරයක් නිර්මාණය කර ඇති බැවින් ආයෝජන සඳහා ආයතනික මට්ටමින් ලබා දිය හැකි සියලු සහාය ලබා දීමට රජය සූදානම් බවයි. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ වඩාත් සතුටට පත්වන බවත්, මෙරට තුළ මහා පරිමාණ අයෝජනයන්ට සූදානම් බවත් රොක්ස් සමූහයේ ප්‍රධානී ඇතුළු නියෝජිතයෝ මෙහිදී පැවසූහ. රොක්ස් (ROX) සමූහයේ සභාපති ගුයෙන් ති ගුයෙට් හුවොං (Nguyen Thi Nguyet Huong) , ප්‍රධාන නිලධාරී ( බලශක්ති අංශය) ලූ ලෙ චි ( Luu Le Chi) යන මහත්ම මහත්මීහුද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img