Monday, September 21, 2026
HomeNEWSමහින්ද පැරණි සටන් සගයා හමුවීමට යයි

මහින්ද පැරණි සටන් සගයා හමුවීමට යයි

හිටපු ජනාධිපති , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ තම පැරණි දේශපාලන මිතුරෙකු වන වාසුදේව නානායක්කාර හිටපු අමාත්‍යවරයා හමුවීමට ගොස් තිබෙනවා . එම හමුවීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය X ගණුමෙහි තැබූ සටහන පහත දැක්වෙනවා. පැරණි සටන් සගයෙක් වන වාසුදේව නානායක්කාර මහතා හමුවී සුවදුක් විමසීම සඳහා එම මහතාගේ නිවසට ගියෙමි. මා සහ වාසුදේව නානායක්කාර එක්ව දේශපාලනයේ යුග ගණනාවක් පසුකර ඇත. අප දෙදෙනාම දේශපාලනයට පිවිසියේ 1970 වර්ෂයේදීය. මිත්‍රත්වය ඉතා පැරණිය. ඒ තරමටම සංකීර්ණය. වාසු යනු අපූරු සටන් සගයෙකි. ආවේගශීලී චරිතයකි. හොඳ මිතුරෙකි.මා මිත්‍රයාට ගෞරවයක් ලෙස මෙම සටහන තබමි. අතීතයේ කොළඹ සිට කතරගම දක්වා සිදු කරන ලද පාද යාත්‍රාව මේ වන විට බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිලිහී ඇතැයි සිතමි. අතුරුදහන් වූවන් වෙනුවෙන් පෙනී සිටිම, උතුරු නැගෙනහිර යුද්ධය සඳහා විසඳුමක් ගෙන ආ යුතුයි යන්න සහ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට එරෙහිවීම වැනි ජනතාවාදී කරුණු අරමුණු කර ගනිමින් පැවති එම පාද යාත්‍රාව ඇරඹුණේ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටිනි. ඒ 1992 වර්ෂයේ මාර්තු 16 වන දිනය. ඒ සඳහා එකතු වූ සටන් සගයන් රැසකි. ඒ අතර එක්සත් සමාජවාදී පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාද සිටියේය. 1992 වර්ෂයේ ජූලි මස පළමුවැනි දින දහවල් 12.35 ට රටපුරා සැම දෙනාම එක්ව හඬ නැගූ ජනඝෝෂාව වාසුට අමතක නොවන බව දනිමි. භීෂණ සමයෙහි ලංකාවේ තරුණ තරුණියන්ගේ අතුරුදන් වීම් වලට එරෙහිව එම අතුරුදහන්න වූවගේ මානව හිමිකම් වෙනුවෙන් හඬ නගද්දී ද වාසු මා සමඟ සිටියේය. එම සිදුවීම් සිදු වී වසර ගණනාවකි. ඒ් සියල්ල අතීත දේශපාලන රස කතාය. එහෙත් එම සිදුවීම් රස කතා පමණක්ම නොවේ. එම සිදූවීම් ශ්‍රී ලාංකීය ජන හිතවාදී දේශපාලනයේ මං සළකුණුය. දේශපාලනිකව කුමන මත දැරූවද අප දෙදෙනාම සැමදා සටන් කළේ ජනතාව වෙනුවෙනි. හිතවත් වාසු ඔබට නිරෝගී බව ප්‍රාර්ථනා කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති ලෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img