Sunday, August 9, 2026
HomeNEWSමහින්ද හෙට කොළඹින් ගමට යයි

මහින්ද හෙට කොළඹින් ගමට යයි

හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට දින(11)කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවසින් පිටත්ව යාමට නියමිතයි. හෙට හවස 4.00ට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිතවරයා තංගල්ල කාල්ටන් නිවසට පැමිණීමට නියමිත අතර එහිදී ඔහු පිළිගැනීමට ද ජනතාව උත්සවයක් සංවිධානය කර ඇති බවද වාර්තාවනවා. ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ හත විජේරාමයේ නිල නිවසින් ඉවත් වීමට කටයුතු සූදානම් කරමින් සිටී.ඒ අනුව ඒ මහතා හෙට දින විජේරාම නිල නිවසෙන් ඉවත්ව යාමට නියමිතව ඇති හිටපු ජනාධිපතිට යොදවා සිටින ආරක්ෂකයන් ප‍්‍රමාණවත් පහසුකම් සලසා දිය හැකි ප්‍රමාණය නිවසක් ඒ මහතාට කොළඹ ආසන්නයෙන් නොමැති වීම මත මෙම පියවර ගෙන ඇත.මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන ජීවිතය ආරම්භ වන්නේ 1970 දී ය. ඔහුගේ පියා වන ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ අභාවයෙන් පසු ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. එකල ඔහු ලංකාවේ සිටි ලාබාලතම මන්ත්‍රීවරයෙකි.ඉන් පසු ඔහු පාර්ලිමේන්තුවේ දී විවිධ තනතුරු හෙබවූ අතර කම්කරු අමාත්‍යවරයා, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා, වරාය හා මහාමාර්ග අමාත්‍යවරයා වැනි තනතුරු දැරීය. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුවේ දී ඔහු කැබිනට් අමාත්‍යවරයෙකු බවට පත් විය. 2004 දී පැවති මහ මැතිවරණයේ දී ඔහුගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජයග්‍රහණය කළ අතර ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත් විය.2005 වසරේ දී පැවති ජනාධිපතිවරණයට තරග කළ මහින්ද රාජපක්‍ෂ මහතා එවකට සිටි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කරමින් ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. ඔහුගේ ජයග්‍රහණයෙන් පසු ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය වූයේ මහින්ද චින්තනය යි. එහි ප්‍රධානතම අරමුණක් වූයේ රටට සාමය සහ සංවර්ධනය උදා කිරීමයි.මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන විට ශ්‍රී ලංකාවට වසර 30කට අධික කාලයක් බලපෑ එල්.ටී.ටී.ඊ (LTTE) සංවිධානය සමග යුද්ධයක් පැවතුණි. ජාත්‍යන්තරයේ සහ විවිධ පාර්ශවවල බලපෑම් නොතකා ඔහු යුද්ධය අවසන් කිරීමට දැඩි අධිෂ්ඨානයක් ගත්තේය.2006 වසරේ දී මාවිල්ආරු සොරොව්ව වසා දැමීමත් සමඟ යුද්ධය තීව්‍ර විය. ඒ අනුව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා විසින් එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව මානුෂීය මෙහෙයුම් ආරම්භ කරන ලදී.මෙම කාලය තුළ සාම සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට උත්සාහ කළ ද ඒවා අසාර්ථක විය. මෙහිදී රජය තීරණය කළේ යුදමය වශයෙන් ගැටුම අවසන් කළ යුතු බවයි.2009 වසරේ දී කිලිනොච්චිය සහ මුලතිව් වැනි ප්‍රදේශ අල්ලා ගැනීමත් සමඟ එල්.ටී.ටී.ඊ සංවිධානයට විශාල පසුබෑමක් සිදු විය. අවසානයේදී, 2009 මැයි 18 වන දින මුලතිව් ප්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මිය යාමත් සමග ශ්‍රී ලංකාවේ වසර 30කට අධික කාලයක් පැවති යුද්ධය අවසන් විය.යුද්ධය අවසන් කිරීමෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා රටේ යටිතල පහසුකම් සහ ආර්ථික සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026- LPL ශූරයෝ ගෝල් ගැලන්ට්

2026 වර්ෂයේ ලංකා පිුමියර් ලීග්(LPL) ක්‍රිකට් තරගාවලිය ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පරාජය කරමින් ගෝල් ගැලන්ට් කණ්ඩායම ඊයේ රාත්‍රී(08) සමත් විය. මෙම තරඟය පැවැත්වුණේ...

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දීය රජයේ අනුග්‍රහය

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලාංකික කිරි ගොවීන්ට විශේෂ පුහුණුවක්ඉන්දීය මහකොමසාරිස් කාර් යාලය හරහා කරන ලද ඉල්ලීමකට අනුව, ඉන්දීය රජයේ...

ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න- ඒකාබද්ධ විපක්ෂය මහානාහිමිවරුන්ගෙන් ඉල්ලයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ අද (08) පස්වරුවේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ද, මල්වතු...

ජනතාව සමඟ පාලනය කරන රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට අපි කැපවී සිටිනවා-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ගෝලීය බල තුලනයේ සිදුවන වෙනස්කම් හෝ ආර්ථික තරඟකාරිත්වය මත පමණක් නොවෙයි රජය වෙනම ව්‍යුහයක් ලෙස සිටිමින් ජනතාව පාලනය කරන රාජ්‍යයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img