කාන්තා හිංසනයට එරෙහි ගෝලීය වැඩසටහනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහාය
කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහිව සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ගෝලීය දින 16ක ක්‍රියාකාරීත්වයට සහාය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ වැඩසටහනට එක්විය.
පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ප්‍රචණ්ඩත්වයට එරෙහි පණිවිඩය සංකේතවත් කරන විශේෂ ලාංඡනයක් පිරිනැමීමට කටයුතු කර තිබිණි. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම ලාංඡනය පැළඳ ගනිමින් කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීමේ ගෝලීය වැඩපිළිවෙළට සිය සහයෝගය පළ කළේය.
මෙම ජාත්‍යන්තර වැඩසටහනේ සංකේතීය වර්ණය වන තැඹිලි පැහැය ප්‍රවර්ධනය කරමින් එදින තැඹිලි හෝ තැඹිලි පැහැයට හුරු ඇඳුමින් සැරසී ඊට සහාය දක්වන ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඊට අනුව තැඹිලි පැහැති ඇඳුමකින් සැරසී පැමිණීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන ලදි.
























